ශ්‍රීමත් මරිජු ආතල් කොනෙන් ඔයිල්ගේ _ ෂර්ලොක් හෝම්ස් _ නයි හොරකම _ Epi.#6

"උඹට සිරාවට මළ පැන්න කියල මට කරන්න දෙයක් නෑ හෝම්ස්.අද කරන්ට් නෑම තමයි.හුකෑෂ්" මම කීවෙමි.
"ඉතිං එපාවෙනෝනෙ හත්තිලව්වේ.චාමරට කියහං පොල්ලක් අරන් ඇවිත් මගෙ ඔළුවටම පතබාලා දාපං කියල" හෝම්ස් කීවේ තරහෙනි.
"ඌ දැන් බල්ලො මරන්නෙ නැතිලු හෝම්ස්.උඹ වෙන අතක් බලාගනිං." මම කීවෙමි.
"ගහප් පයිං දැනගං කැ#යට.වේ# වොට්සනා" හෝම්ස්ට නප්පෙට මළපැන තිබිණි.

අපගේ දිවා ආහාරය පිණිස හඩ්සන් මහත්මිය විසින් ඇල් හාලේ බතක්,සූඩං හොද්දක්,කට්ට කරෝල බැදුමක් සමග ෆොල් සම්බෝලයක් සාදා තිබිණි.කසිප්පු කල්දේරමක් පානය කර සතියක් ඩෝප් දාගෙන ඉඳල බඩු බැහැපු ගමන් කිරිමැටි ගිලින නාකි කිඹුලන් දෙදෙනෙකු මෙන් ඉතා සංවරව දිවා ආහාරය ගත් අප දෙදෙනා බීඩි දෙකක් දල්වාගතිමු.
"අපේ එවුන් ගූ ගහන්න පරාදයි නේද වොට්සන්." හෝම්ස් කියන්නෙ මැච් එක ගැන විය යුතුය.
"කියල වැඩක් නෑ හෝම්ස්.දකුණු අප්‍රිකාවෙ එවුන්ගෙනුත් කෑව.ඒ මදිවට තිරිමාන්නයා කකුලත් උලුක් කරගත්ත." මම කීවෙමි.
"පළවෙනි මැච් එකේදිම ඕකගෙ කකුල උළුක් උනානම් අපිට තරඟය ගැන පොඩිහරි බලාපොරොත්තුවක් තියාගන්න තිබුන වොට්සන්.අඩුම ගානෙ ටීම් එකේ උන්ගෙ චුයින්ගම් ටිකහරි ඉතුරු කරගන්න තිබුන."



"හැමදාම ගූ විදියට අවුට් වෙච්ච නිසා ඌව ටීම් එකෙන් අයින් කරාවිනෙ හෝම්ස්.ඉතිං උගෙ රස්සාව නැතිඋනාම කොහොමද ඌ ජීවත් වෙන්නෙ." මම ඇසුවෙමි.
"තිරිමාන්න අදක්ෂයෙක් නෙවෙයි වොට්සන්.ඔහුගෙ දක්ෂතා වලින් ප්‍රයෝජන ගන්න ඔහුට පුලුවන්.ඔහුට අතිදක්ෂ විදියට දොදොල් හැඳිගාන්න පුලුවන්.ඉතිං මං හිතන්නෙ නෑ මේ අවුරුදු කාලෙ අළුතින් දොදොල් ව්‍යාපාරයක් පටන් ගත්තොත් ඒකෙන් ඔහුට පාඩුවක් වේවි කියල." හෝම්ස් කීවේය.
"ඇයි හෝම්ස් ඔහුට පාට් ටයිම් චුයින්ගම් බිස්නස් එකකුත් කරන්න පුලුවන්නෙ."
"අනෙ නිකං ගොං කතා කියන්නෙ නැතුව ඉඳපං වොට්සන්.විකුණන්න චුයින්ගමක් ඉතුරුවෙන්නෙ කොහොමද බං.ඌ සේරම ටික කාල දාවි." හෝම්ස් කී කතාව ඇත්තය.ඌට චුයින්ගම් විකිණීම කල නොහැක්කක් බව මටද වැටහිණි.
"කොහොමද වොට්සන් මේ පාර උඹලගෙ ඥාති මලයගෙ වැඩ කෑල්ල."
"ඌටත් මේ පාර ලකුණු අතරට එන්න බැරිඋනා හෝම්ස්.පොරගෙ පන්දු යැවීමත් සැලකිය යුතු මට්ටමක තිබුනෙ නෑ." මම කීවෙමි.
හෝම්ස් මේ කියන්නේ ෂේන් වොට්සන් ගැනය.දෙමටගොඩ දෙකේ බෝක්කුව ලඟ සිංහල බෙහෙත් බඩු කඩේ කරන අපේ බඩකැත්තර හීං බාප්පොච්චිගේ ලොකු පුතා ෂේන් වොට්සන්ය.ඌ පොඩි කාලෙ ඉඳන්ම නාහෙට නාහන මහ ගුස්පි පොරකි.අපේ තාත්තා මට ජෝන් වොට්සන් කියා නම දැමූ අතර අපෙ හීං බාප්පොච්චි අරූට ෂේන් වොට්සන් කියා නම දැමීය.
"ක්‍රිකට් ගැන නං කතා කරල වැඩක් නෑ වොට්සන්.ඊළඟ පාර මං සපෝර්ට් කරන්නෙ ඇෆ්ගනිස්තානෙට.ඒක නම්බුයි." හෝම්ස් කීවේ කලකිරීමෙනි.
එවෙලේම හෝම්ස්ගේ ෆෝන් එකට කෝල් එකක් ආවේය.
"අම්මටහුඩු හුකර්බර්ග් කාරයා" කියූ හෝම්ස් ෆෝන් එක ආන්සර් කර ලවුස්පීකර් දැමුවේය.
"හෙලෝ හුකර්බර්ග් මහත්මයා.මොකෝ වෙන්නෙ ඉතිං.?"
"මොකුත් නෑ හෝම්ස් මහත්මයා.මං මේ පොඩි වැදගත් කාරණාවක් කියන්න කියල ගත්තෙ."
"ආ කියපං කියපං.මොකෝ සීන් එක."
"හෝම්ස් මහත්මයා ඔයා දැන් රිටයර් වෙන්න"
"ඇයි ඔයා ඇවිත් නයා හොයාගන්නද"
"ඔව්...දැන් කී දවසක් ගියාද හෝම්ස් මහත්මයා.කෝ ඔයා තාම නයාව හොයාගත්තෙ නෑනෙ." හුකර්බර්ග් කීවේ ඇනුම්පද ලීලාවෙනි.
"තෝ නැතිකරගත්තු ගානට මෙහේ මට හොයන්න බෑ පko.මටත් මෙහේ අභිරහස් කෝටියක් විතර තියෙනව විසඳන්න.ටිකක් ඉවසල හිටහං.ඇයි යකෝ." හෝම්ස් ගුගුලේය.
"ඒ උනාට කට්ටිය මට කිව්වෙ හෝම්ස් මහත්මයා සෙනිකව අභිරහස් විසඳනවය කියල.පට්ට ස්පීඩ් කිව්ව.හරියට අපි හායි කියන සුනංගුවට බුකියෙ කෙල්ලො ඕෆ්ලයින් යන්න වගේය කිව්ව"
"හරි හරි හුකර්බර්ග් මහත්මයා.එහෙම කරන්නත් පුලුවන්.ඒවත් කෙරෙන විදියක් තියෙනවනෙ.ඔබතුමා අපිට සලකන විදියට තමයි අපේ ස්පීඩ් එක ප්‍රොසෙස් වෙන්නෙ.අන්නේකයි." හෝම්ස් කීවේය.
"ආආහ් කියන්නෙපයි.උඹේ එකවුන්ට් නම්බර් එක කියපං හෝම්ස් මහත්මයා මං දහදාහක් දාන්නම් හෙට"
"මේ දවස්වල මං ගොඩක් කාර්යබහුලයි හුකර්බර්ග් මහත්මයා.මට බැංකු යන්න අහවර නෑ.පුලුවන් නම් මගේ නම්බර් එකට ඊසි කෑෂ් කරන්න.අවුලක් නෑනෙ."
"ආහ් හා...හා එල එහෙනම්.මං දාන්නම්.මං තිබ්බ එහෙනම්."
"හරි එල...ජාති." හෝම්ස් ඇමතුම විසන්දි කලේය.
"ඇත්තටම මේ ගැටලුව ගැන ඔබට මොකද හිතෙන්නෙ හෝම්ස්." මම ඇසුවෙමි.
"මගේ නිරීක්ෂණ හා දත්ත වලට අනුව මං කල්පිත කීපයක් ගොඩනැගුව වොට්සන්.විය නොහැකි ඒව සේරම ඉවත් කලාම ඉතුරුවෙන එක තමයි වියහැකි එක.ගැටලුව බොහෝදුරට නිරවුල් මගේ මිත්‍රයා.අපි හෙට උදේම "දෙකෙන් පැන්න ඇටෙන් එකේ" වීදියෙ ගල් චමරි අක්කගෙ බෝඩිමට ගිහිං එමු.ඊට පස්සෙ මං ඔබට පැහැදිලි කරල දෙන්නම්." හෝම්ස් කීවේය.

මේරිට කෝල් එකක් දී දහ වැඳුම් වැඳ ජෝකර් වීථියේ අපගේ නවාතැනේ රාත්‍රී නැවතීම සඳහා අවසරය ලබාගැනීමට මට හැකිවිය.ටොම් පච කෙල කෙල ක්ලබ් ගිහිං අහුවෙන්න එපා යැයි කියමින් ඇය දාහතර වතවක් පමණ මට තර්ජනය කල අතර හෝම්ස්ලගෙ ගුබ්බෑයමේ ඉන්නා බව කියා වෙන ගෑණුන්ගෙ අගුපිල් අස්සෙ රිංගල අහුඋනොත් හතර හන්දි කඩන බව කියමින් මාහට බැන වැදුනාය.
හෝම්ස් ලඟ ඉතුරුවී තිබුනු කසිප්පු කොට කෑල්ලක් හිස් කිරීමට මම නොමද දායකත්වයක් සැපයුවෙමි.එනිසා සවස් කාලයේ දෙදෙනාම සූර් වී ජින්ජබිරිස් වී සිටියෙමු.හෝම්ස් අඩ සිහියෙන් උගේ පරණ කෑලිවල නම් කියූ අතර මාත් සෙකන්ඩ් වෙන්න බැරිනිසා එවෙලෙට කටට ආපු කෙල්ලන්ගේ නම් ටිකක් කීවෙමි.බඩු බැහැගෙන එනකොට හෝම්ස් හංගපු ජොයින්ට් පොඩ්ඩක් සොයාගෙන ඇවිත් ඔතන්නට පටන්ගත්තේය.
"පඩ ගොඩක් වොට්සන්.වදීවිද දන්නෑ.ඕං ඔතල ගත්තා.පත්තුකරපං" පැට්ටා මට දික්කරමින් හෝම්ස් කීවේය.
ජොයින්ට් පාර හොඳට තිබිණි.අපි සඳ තරණය කලෙමු.හෝම්ස් දැඩි කල්පනාවක නිමග්නව සිටියේය.තවම කරන්ට් එක ඇවිත් නොතිබුණු නිසා අඩ අඳුරේ ඩෑල් එක මනෝ ගසන අයුරු මට දිස්විය.
"මං මේ කල්පනා කලේ වොට්සන් අපේ රත්තරං අගමැතිතුමයි දිනේෂ් චන්දිමාල් මල්ලියි දෙන්නම එකයි නෙව.වෙනසක් කරනව කිව්වොත් කරනවමයි." නිහැඩියාව බිඳිමින් හෝම්ස් කීවේය.
"ඉස්සර රෑට ලයිට් දාගෙන ඉඳපු අපි මෙහෙම කළුවරේ තියන එක වෙනසක් තමයි හෝම්ස්.ඒත් චන්දිමාල් කරපු වෙනස මොකක්ද?" මම ඇසුවෙමි.
"ඇයි යකෝ ඉස්සර ඉඳල හිටලහරි මැච් එකක් දිනපු අපි මෙහෙම හැමදාම පරාදවෙන එක වෙනසක් නෙවෙයිද." හෝම්ස් ඇසීය.
"ඒකත් ඇත්ත තමයි.ඒ බං අර 4GB ඇඩ් එකේ ප්‍රේක්ෂකයො චන්දිමාල්ට කියන්නෙ 'තව 6ක් ඕනෙ' කියල.ඒක ප්‍රෝඩාවක් කියන්නෙ ඇත්තද හෝම්ස්." මම ඇසුවෙමි.
"නැතුව මිත්‍රයා...තව 6ක් ගහන්න කලින් ඌ එක 6ක් ගහල ඉන්න එපැයි.මේ දවස්වල පොරගෙ බැටින් වැටිල නිසා කතාව එතනින්ම ප්‍රෝඩාවක් වෙනවනෙ.ඒත් පොර සුපිරි බැටා.තව ටික දවසකින් ආයෙ හැදිල එයි." හෝම්ස් කීවේ සුසුමක් හෙලමිනි.
ජොයින්ට් එකේ ෆීලිංග් එකත් සුපිරියට තිබිණි.හඩ්සන් ගෑණි අපේ රාත්‍රී ආහාරය පිණිස මොකක්ද චෝරුවක් සාදා එවා තිබුනු අතර අපි කළුවරේම ගිල දැමුවෙමු.කාමරයේ දැල්වූ ගිනි උඳුනෙන් සහ ඉටි පන්දමකින් නික්මුණු සිහින් එළිය රාත්‍රී ආහාරය කුමක්ද කියා හඳුනාගැනීමට ප්‍රමාණවත් නොවිනි.අප නිදාගන්නා මොහොත වන විටත් කරන්ට් ඇවිත් නොතිබුණු බව මට ලාවට වගේ මතකය.බඩු පිට මා තද නින්දකට පිවිසියෙමි.

පසුදින උදෑසන අප අවදි වී ෆෝන් ලෙසටම චාජ් කරගත්තෙමු.විදුලිබල මණ්ඩලේ එවුන් අධික ලෙස ෂුවර් වීම ඊට හේතුවයි.හෝම්ස්ගේ පරීක්ෂණය සඳහා ගල් චමරි අක්කාගේ බෝඩිමට යෑමට අපිට සිදුවිය.ඒ සඳහා තණ්ඩලේ මාමාගේ අශ්ව කරත්තය හයර් කරගැනීමට අපට හැකිවිය.මේ දවස්වල පට්ට රස්නෙ නිසා අප උදෑසනින්ම පිටත්විමු.
"ඇත්තෙන්ම අපි විභාග කොමසාරිස්තුමාට පින් දෙන්න ඕන වොට්සන්.ඒ යකා තමයි නිග්ග යෝයෝවාදී පාසැල් මැරයන්ගෙ භීෂණය හමාර කරල රටට සාමය ගෙනාවෙ.ඇත්තමයි උන්දැ දෙවියෙක්." නිහැඬියාව බිඳිමින් හෝම්ස් කීවේය.
"ඒක ඇත්ත හෝම්ස්.ඕලෙවල් රිසාල්ට් ආවට පස්සෙ භීෂණය කොහෙන් ගියාද නෑ.මට හිතෙන්නෙ උන් සෙකන්ඩ් ෂයි රිවිෂන් යනවද කොහෙද." මම කීවෙමි.
"ඇත්තමයි හෝම්ස් මහත්තයෝ මේ සිඟිති මැරයො නිසා මං මේ රස්සාව කරගත්තෙත් බොහොම අමාරුවෙන්.ඕකුන් කියන රැපා ගීත වලට මගෙ අස්සයො දෙන්නත් කුලප්පු උනානෙ මහත්තයෝ.ඇත්තම කිව්වො විභාග කොමසාරිස්තුමා තමයි භීෂණය දුරු කරල නිදහසේ හුස්ම අරන් අපිට ජීවත්වෙන්න රට හදල දීපු ඉෂ්ට දේවතාවා." අපේ කතාව අසා සිටි තණ්ඩලේ මාමාද අපිට ජනේලයෙන් පු# දුන්නේය.
"අනුන්ගෙ කතාවල් වලට කන තියාගෙන ඉඳල පැත්තෙන් පු# දෙන්නැතුව ඔය අස්සයො දෙන්න හරියට දක්කපං තණ්ඩලේ මාමා." හෝම්ස් කීවේය.
දෙකෙන් පැන්න ඇටෙන් එකේ වීදිය තනිකරම මුඩුක්කු ටයිප් වීදියකි.හෙළුවැල්ලෙන් ක්‍රිකට් ක්‍රීඩා කරන කුඩා කොළුගැටව්.තැන තැන සෙට් වී සිගරට් පාරවල් අදින තරුණයන්,නිග්ග යෝයෝවාදී දරු පැටවුන්,කේලාම් ටයිප් cctv ඇන්ටිලා සහ පොඩි කොටු කොටු ෂෝට් කෑලි ඇඳගෙන ගල් එලියෙ දාගෙන ඉන්නෙ අවුරුදු 18-20 කෙල්ලන්ද බහුලව දැකගත හැකිවිය.පාරෙ හිටපු අංකල් ඩෑල් එකකින් අහගෙන ගල් චමරි අක්කගෙ බෝඩිම සොයාගැනීමට අපට හැකිවිය.බෝඩිමේ ගේට්ටුව ළඟ සිටි අවුරුදු 40ක පමණ සුදු ඇන්ටිපාර ගල් චමරි අක්කා විය යුතු යැයි අපි නිගමනය කලෙමු.ඇය කුඩා අත දරුවෙකු වඩාගෙන ඌට බත් කවමින් සිටියාය.
"මේ...ඔයාද ගල් චමරි මහත්මිය කියන්නෙ?" හෝම්ස් ඇසීය.
"කවුද හු#තො මට ගල් චමරි කියන්නෙ.මං එලියෙ දාං ඉන්නෙ මගෙ ගල් දෙක.ඔය එක එක කැ#යන්ට මොකක්ද තියෙන රුදාව." ඒකි ආවේශ වී කෑගසන්නට පටන් ගත්තාය.ඇත්තවශයෙන්ම ඇය ඒ මොහොතේද පැත්තෙන් පැලූ කොට ටයිඩ් සායක් ඇඳගෙන ගල් දෙක එලියේ දමාගෙන සිටි අතර එය ඉතා සුදු මනා හැඩයෙන් යුක්ත වීට් ගා ඔප දමා තිබූ ගල් යුගලක් විය.
"හෝව් හෝව්...චමරි මහත්මිය තරහ ගන්නෙපා.ඇත්තටම ඔයාගෙ ඔය ලස්සන මූණත් කැතවෙයි.ඔයාගෙ ලස්සන කටහඬත් අවුල් යනවනෙ." හෝම්ස් මනමාල ස්වරයෙන් කීවේය.
එවර ඇයගේ මුහුණේ මල් හිනාවක් ඇඳී ගියේය.හෝම්ස් ගෙරි කපටියාය.ඌ ගැනිව ගොනාට ඇන්දුවාද නැත්නම් ඒකටත් ටෝක් කරන්න සෙට් උනාද කියා වටහාගැනීමට මට අපහසු විය කෙසේ වෙතත් ගෑණි හීලෑ විය.
"ඔයාල බෝඩිං වෙන්නද මල්ලිලා.අනේ හැබැයි එක්කෙනාටයි ඉඩ තියෙන්නෙ.මං පෙරේදා එකෙක්ව එලෙව්වනෙ.කමක් නෑ කොහොමහරි කරල දෙන්නටම මං ඉඩ හදල දෙන්නම්.එක ඇඳේ ඉන්න පුලුවන්නෙ.අවුලක් නෑනෙ." ඇය හෙන මුකුළු කරමින් කීවාය.
ඒ ගැම්මට ඒකිගෙ අතේ ඉඳපු පොඩි එකා අඬන්න පටන් ගත්තේ වල්ල කොටිය කෑවාක් මෙනි.ගල් චමරි ඌව නලවගන්න සෑහෙන්න ගේමක් දුන්නාය.
"හා...හා...හා පැටියො අඬන්නෙපා උම්මා.ආයෙ ඇඬුවොත් මෙගා බ්ලාස්ට් බලන්න එක්ක යනෝ හොඳේ.මේ කෑම ටික කන්නකො අඬන්නැතුව.කෑවෙ නැත්නම් ඔන්න මෙගා බ්ලාස්ට් බලන්න එක්ක යනෝ හොඳේ.දන්නෝනො ෆ්ලෑෂ්බැක් එකේ යක්ෂ මාමල ටික.කිංස්ලි යකායි රොෂාන් යකායි ඇවිත් පුතාව අල්ලං යයි ඕ...ඕ..." ගල් චමරි කී කතාවෙන් විනිල් මුක්තවූ පොඩි එක බයෙන් බිරාන්ත වී ඇඬිල්ල නවත්වා බත් ටික කාගෙන කාගෙන ගියේය.
"පුදුමයක් නැත මේ දවස්වල ලංකාවෙ හැම අම්මා කෙනෙක්ම තමාගේ දරුවන්ට බත් ටික කවාගන්නේ ෆ්ලෑෂ්බැක් එකේ එවුන්ට පින් සිද්දවෙන්නටය.මෙවර මෙගා බ්ලාස්ට් එක බලපු හැම පොඩි එකාම බයෙන් බිරාන්ත වූ අතර.රෑ මෙගා බ්ලාස්ට් එක බලන්න ගිහිං කිංස්ලි පීරිස්ට බය වූ උණ හැදුනු පොඩි එවුන් සෑහෙන පිරිසක් මගෙන් බෙහෙත් ගැනීමටද පැමිණ තිබුණි.
"එන්න මල්ලිලා ඇතුලට.මං කාමරේ පෙන්නන්නම්." ගල් චමරි අක්කා කීවේය.
"ඇත්තටම චමරි අක්කියෝ අපි ආවෙ බෝඩිං වෙන්න නෙවෙයි.මං රහස් පරීක්ෂක ෂර්ලොක් හෝම්ස්.මේ මගේ මිත්‍ර දොස්තර වොට්සන්.අපි ආවෙ මෙහෙ ඉඳපු එකෙක් ගැන පොඩි විස්තරයක් හොයාගන්න." හෝම්ස් කීවේය. 



 * * * * *
* හත්වන කොටසින් හමුවෙමු *
Previous Post Next Post