Anonymous(අන්තර්ජාලය තුල සැගවීම) - DNS Leaks


                                                        ඔයාගෙත් Leak වෙනවද?
මොකද්ද DNS (domain name system) එකක් කියන්නේ?
ඔයගොල්ලෝ දන්නවනේ අන්තර්ජාලයේ තියන ඕනෙම වෙබ් අඩවියකට එකට අදාල IP ලිපිනයයක් තියනවා කියල. පරිගණක වලට අංක ක්‍රමයට ඕනෙම දෙයක් මතක තියාගන්න පුළුවන් උනාට මිනිස්සු වන අපිට එහෙම අමාරුයි. ඉතින් ඔන්න ඔය ක්‍රමයට විසදුමක් විදිහට තමයි 1985 Paul Mockapetris කියන මහත්තය මේ ලෝකෙට DNS එක හදුන්වල දෙන්නේ. මේ DNS එක අපේ ස්මාර්ට්phone වල තියන Contact List එකට සමාන කරන්න පුළුවන්. ඔයාල කවුරු උනත් phone එකේ Contact list එකක් හදාගෙන ඉන්නේ එක එක්කෙනාගේ Telephone numbers මතකයේ තියාගන්න බැරි නිසානේ. ඉතින් මේ Contact list එකක අපිට ඕනේ අයගේ numbers එක්කම එයාගේ නමත් save කරලනේ තියෙන්නේ. අන්න ඒ නිසා අපිට පුළුවන් අපහසුතාවයකින් තොරව ඕනේ කෙනෙකුට ලේසියෙන්ම කතාකරන්න. අන්න ඒ වගේම දෙයක් තමයි මේ domain name system එක කරන්නෙත්. මේකේ අපි යන websites වලට අදාල ip addresses save කරලා තියනවා. ඒ වගේම මේ හැම ip එකකටම නමකුත් දීල තියනවා. මේ දෙන නමට කියන්නේ Domain කියල. ඉතින් ඕනෙම වෙලාවක අපිට website එකකට යන්න ඕනේ උනහම අපි කරන්නේ අපේ browser එකේ අපේ Website එක එහෙමත් නැත්තම් ඒ website එකේ domain name එක search කරන එක. එහෙම කරපුවම අපේ DNS server එක අපි ඒ search කරපු domain name එක computers වලට තේරුම්ගන්න පුළුවන් IP Address බවට පත් කරනවා. ඉතින් ඔය සිද්දිය තමයි සරලවම domain name system එකක් වෙන්නේ.
එතකොට මොකද්ද මේ DNS Leak එකක් කියල කියන්නේ?
සාමාන්යෙන් අපේ DNS servers අපිට ලබා දෙන්නේ අපේ Internet Service Provider එහෙමත් නැත්තම් ISPල නේ. ඉතින් අපි මොක්ක හරි request එකක් ඒ sever එකට යැව්වහම එයාලට පුළුවන් අපේ online activities monitor කරන්න. ඔන්න ඔය සිද්දිය නිසානේ අපි VPN Services use කරන්නේ. VPN Services use කරනකොට අපේ DNS request anonymous DNS server වලට තමයි direct වෙන්නේ. ඒ වගේම ඒ යවන requests යන්නේ VPN එකේ ඉදල යන විදිහට මිසක් අපේ computer එකෙන් යන විදිහට නෙමෙයි. අන්න ඒ නිසයි ISP ලට අපේ online activities monitor කරන්න බැරි වෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහේ anonymity එහෙමත් නැත්තම් privacy service use කරද්දී සමහර වෙලාවට අපේ නෙට්වොර්ක් traffic මේ VPN එක හරහා route වෙන්නේ නැතුව මේ secured connection එකෙන් පිටට leak වෙන්න ගන්නව. ඉතින් ඔන්න ඔය leak වෙන traffic monitor කරලා ඔයාලගේ activities log කරන්න පුළුවන්. ඉතින් අපි VPN එකක් use කරන හින්ද කොච්චර ආරක්ෂිතයි කියල හිතාගෙන හිටියත් Leak එකක් තියනවනම් ඔයා ආරක්‍ෂිත නැ. ඔය විදිහට සමහර වෙලාවට අපි anonymity network එකකට සම්බන්ධ වෙලා හිටියත් අපේ OS එක default DNS servers භාවිතා කරන්න පටන් ගන්නවා අර anonymous DNS server එක පාවිච්චි කරන්නේ නැතුව. අන්න එහෙම උනාම තමයි අපි කියන්නේ DNS Leak එකක් කියල.
ඇයි මෙහෙම වෙන්නේ?
මේකට ප්‍රධානම හේතුව වෙන්නේ අඩු වේගය. අපි search කරන website එක load වෙන්න ගොඩක් වෙලා යද්දී අපි ඒ website එකට යවපු network traffic අයෙමත් අපේ පරණ server එකට direct කරනවා. ඒ කියන්නේ අපේ ISPලගේ DNS server එකට. ඉතින් ඊට පස්සේ වෙන දේ ගැන කියන්න ඕනේ නැ නේ. ඉතින් ඕක තමයි ප්‍රධානම හේතුව මේ DNS Leak වලට.
ඔයාගෙත් Leak වෙනවද කියල මෙතනින් බලාගන්න ගන්න. (https://www.dnsleaktest.com/)
කොහොමද මේක හදා ගන්නේ?
1. Built-in DNS leak protection එකක් ඇති VPN එකක් භාවිතා කිරීම
2. DNS සර්වරය වෙනස් කිරීම සහ Static IP ලිපිනයක් ලබා ගැනීම
3. VPN එක හරහා නොයන traffic block කිරීම
4. හොද firewall එකක් භාවිතා කිරීම
5. Windows මෙහෙයුම් පද්ධතියේ ඇති Teredo tunneling අක්‍රිය කිරීම
6. දිනපතා DNS leak පරික්ෂා කර බැලීම
- සටහන තැබුවේ ©️ Sameera Madushan -

< කතෘගේ අවසරය මත මා විසින් උපුටා ගන්නා ලදී !>
Previous Post Next Post