Dark Web & Deep Web (අඳුරු ජාලය හා ගැඹුරු ජාලය)

Dark Web එක කියන්නේ එක්තරා විදිහක භයානක ස්ථානයක්. ඉතින් මේ වගේ ස්ථානයකට ඇතුළු වෙද්දී අපේ ආරක්ෂාව ගැන ගොඩක් හිතන්න ඕනේ.

ගොඩක් දෙනෙක් තමන්ගේ පරිගණක වලට install කරලා තියෙන්නේ windows මෙහෙයුම් පද්ධතිය. මොකද එකෙන් අපේ එදිනෙදා වැඩ පහසුවෙන් කරගන්න පුළුවන් නිසා. ඉතින් ගොඩක් දෙනෙක් මේ windows මෙහෙයුම් පද්ධතිය යොදාගෙන Deep Web Surf කරන්න පුරුදු වෙලා තියනව. මේක ඇත්තටම භයානක දෙයක්. මොකද windows මෙහෙයුම් පද්ධතිය කියන්නේ නිතර නිතරම දුර්වලතා (vulnerabilities) සොයාගන්න මෙහෙයුම් පද්ධතියක්. ඉතින් මේ දුර්වලතා නිසි ආකාරව Patch කරලා තිබ්බේ නැත්තම් ඔයාලගේ පරිගණකය hacker කරුවෙකුගේ ග්‍රහණයට නතු වීමේ (exploit කරන්න) ඉඩකඩ ගොඩක් වැඩි. Deep Web එක surf කරන්න හොදම මෙහෙයුම් පද්ධතිය විදිහට මම දකින්නේ Linux. මොකද මේ මෙහෙයුම් පද්ධතියේ දුර්වලතා සොයා ගන්නේ බොහොම කළාතුරකින්. ඉතින් ඔන්න ඔය හේතුන් නිසා Deep Web එක surf කරද්දී Linux මෙහෙයුම් පද්ධතියක් use කලොත් ගොඩක් කරදර වලින් බේරිලා ඉන්න පුළුවන් වෙයි. මේ විදිහට ඔයාලට use කරන්න පුළුවන් හොදම Linux distro එක තමයි Tails OS කියල කියන්නේ. මේකෙන් ඔයාලට anonymously අන්තර්ජාලය use කරන්න අවස්තාව හම්බවෙනවා.

ඔය මොන මෙහෙයුම් පද්ධතියේ උනත් දුර්වලතා තියනවා කියල අමුතුවෙන් කියන්න දෙයක් නෙමයි නේ. "No System Is Safe" Linux උනත් windows උනත් මේ හැම එකකම දුර්වලතා පවතිනවා. උදාහරණයක් විදිහට මෑතකදී සොයාගත් Meltdown සහ Spectre දුර්වලතාවයන් දක්වන්න පුළුවන්. මේ දුර්වලතාවය Linux වලත් තියනවා Windows වලටත් තියනවා. ඉතින් මේ වගේ දුර්වලතාවයන් වලින් අපේ machine එක ආරක්ෂා කරගන්නනම් අපේ system හැමතිස්සෙම Up to Date තියාගන්න ඕනේ. අපිට අපේ system එක update කරලා තියාගන්න බැරි උනොත් එකෙන් ප්‍රයෝජන ගන්න hacker කරුවනට පුළුවන්. එක නිසා Deep Web Surf කරන මෙහෙයුම් පද්ධතිය හැමතිස්සෙම Up to Date තියාගැනීම හරිම වැදගත්.
Deep Web Surf කරන්න Virtual Machine එකක් use කරනවානම් ගොඩක් හොදයි. මොකද එකෙන් අපේ main system එකට වෙන හානිය අවම කරගන්න පුළුවන්. Deep Web එකෙන් මොකක් හරි file එකක් බාගත කර ගත්තොත් එක main system එකේ open කරනවා වෙනුවට Virtual Machine එකක Open කරන්න. ඔයා බාගත කරගන්න file එකට virus infect වෙලා තිබ්බොත් එකෙන් ඔයාගේ main system එකට වෙන හානිය අවම කර ගන්න පුළුවන්. යම්කිසි දෙයක් කිසිම විටකදී torrent හරහා download කරගන්න එපා. මොකද torrent එක use කරන්නේ peer to peer connection එක.
HTTPS භාවිතා නොකරන කිසිම වෙබ් අඩවියකට පිවීසීමෙන් වලකින්න. මේ දෙය අනුගමනය කලොත් ඔයාලට ගොඩක් scam sites සහ phishing sites වලින් ආරක්ෂා වෙන්න පුළුවන්. Google වැනි සෙවුම් යන්ත්‍ර වලින් ඔයාව track කරන්න පුළුවන්. එක නිසා DuckDuckGo, WolframAlpha වගේ ඔයාව track කරන්නේ නැති සෙවුම් යන්ත්‍ර භාවිතා කිරීමට පුරුදු වෙන්න.

Deep Web එකේ ඔයාලට Sign In වෙන්න හම්බවෙන තැන්වලදී use කරන usernames සහ passwords කල්පන්න කාරීව ඇතුලත් කරන්න. ඔයාගේ වෙන කිසිම account එකකට use කරපු usernames සහ passwords භාවිතා කරන්න එපා. මෙහෙම කලොත් ඔයාලට credential reuse attacks වලින් බේරිලා ඉන්න පුළුවන් වෙයි.

ඔයාගේ web browser එකේ NoScript plugin එක use කරලා JavaScript Disable කරන්න. ඒ වගේම අනවශ්‍ය plugin සියල්ල disable කරලා දාන්න.ඔයාගේ web browser එකේ search tab එකේ about:config කියල type කරලා පැල්ලැහින් දක්වල තියන settings ටික configure කරගන්න.

javascript.enabled false
network.http.sendRefererHeader 0
network.http.sendSecureXSiteReferrer false
extensions.torbutton.saved.sendSecureXSiteReferrer falsenetwork.cookie.cookieBehavior 2
browser.cache.memory.enable false

ඔයා use කරන Tor Browser එක කවදාවත් maximize කරලා use කරන්න එපා. මොකද maximize කලොත් ඔයාගේ screen Size එක හොයාගන්න පුළුවන් වෙනවා.

මේ Deep Web එකේ ගොඩක් නීති විරෝදී දේවල් තමයි තියෙන්නේ. මේ අතරින් Child Porn (කුඩා දරුවන් ලිංගික අතවරයන්ට ලක් කිරීම) කියනේ මේකේ තියන ගොඩක් ජනප්රිය සහ නීති විරෝදී දෙයක්. ඉතින් මොනම හේතුවකටවත් මේ වගේ දේවල් තියන sites වලට පිවිසෙන්න හිතන්නවත් එපා. මොකද ගොඩක් නීතිමය සංවිධාන මේවගේ sites access කරන අය ගැන හොද අවධානයෙන් ඉන්නේ.
මේවගේ තවත් Post එකක් අරන් ඉක්මනටම එන්නම්. ලිපිය කියෙව්වට ස්තුතියි. මේ ලිපිය යාළුවන් අතර බෙදාගන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ ලිපියයට like එකක් දාල ලිපියය පිළිබද ඔයාලගේ අදහස comment කරන්නත් අමතක කරන්න එපා.

- සටහන තැබුවේ ©️ Sameera Madushan -


< කතෘගේ අවසරය මත මා විසින් උපුටා ගන්නා ලදී !>

* මේ උපදෙස්  අධ්‍යාපනික කටයුතු සදහා පමනි.

Previous Post Next Post