ඒ ලන්ඩනයේ ග්‍රීෂ්ම සෘතුවයි.මුළු නගරය පුරාම තද අව් රෂ්මියක් සහ දැඩි උෂ්ණ කාළගුණයක් පැවති හෙයින් මාර්ගවල ජනතාව පයින් ගමන් කලේද ඉතා අල්ප වශයෙනි.සතියක් තිස්සේ එකතුවී තිබූ මාගේත්,මේරිගේත්, නැන්දම්මාගේත් කිලුටු රෙදි සියල්ල සෝදා වැලට දමා,එලියෙ කක්කුසියත්,බාත්රූම් එකත්,ඊයෙ රෑට උයපු වළං ටිකත් සෝදා දී මේරිගේ ගාත් හතරේම නියපොතුවල කියුටෙක්ස් ආලේපන ගල්වා දීමෙන් පසු හෝම්ස් හමුවීමට යාමට මට අවසර ලැබිණි.බිල ගෙවීමට දවස් තුනක් ප්‍රමාද වීමෙන් ඩයලොග් ටීවී කනෙක්ෂන් එක කපා තිබුනු නිසා දෙවනි ඉනිම සහ සංගීතේ බලන්නට නොහැකිව යක්සාවේස වී සිටි මේරි මදකට හෝ දමනය වූයේ අද යනගමන් මා කෙසේ හෝ මතක් වී බිල ගෙවාගෙන යන බව පවසා මැද සාලෙ දොර ගාව එල්ලා ඇති කන්දෙ බණ්ඩාර දෙවියන්ගේ රූපය ඉස්සරහ දිව්රා පොරොන්දු වීමෙන් අනතුරවය.කෙසේ වෙතත් දඬුවමක් ලෙස එනගමන් රු.299 ඩේට කාඩ් 2කුත් ඇට ලොකු පරිප්පු පන්සීකුත්,සාම්බ්‍රානි පැකැට්ටුවකුත්,කළුකුං රසැති ලංකාසෝයි පොඩි පැකට් එකකුත්,කළු ඩ්‍රෝවිං පොතකුත් ගෙනෙන ලෙස අණ ලැබිණි.මේරිගේ අවසරය ලද විගස උබර් හරහා තණ්ඩලේ මාමාගේ අශ්ව කරත්තය බුක් කරගත් මා තකහනියේම බේකර් වීථියේ අපගේ නවාතැන වෙත ගමන් කලෙමි.යනගමන් ප්‍රසන්න රණවරාගේ කසියා පොට් එකෙන් පෙරාපු දේශීය බාගෙකුත් පොෂ් කසිප්පු හෙවත් රෝයල් සකේ බෝතලේකුත් ගැනීමට මා අමතක නොකලෙමි.හෝම්ස් වඩාත් ප්‍රිය කල ගමගේ මල්තෝර බීඩි මිටියකුත් නේවිකට් 2කුත් රැගෙන මා නවාතැනට පිවිසියෙමි.හඩ්සන් මහත්මිය පෙනෙන්නට නොසිටි නිසා කෙලින්ම ඉහත මාලයට ගිය මා,දොර විවර කරගෙන කාමරයට පිවිසෙන විටත් හෝම්ස් සිටියේ ජොකා පිටිනි.ඔහු ඔහුගේ සුපුරුදු දිග බුරුත හාන්සි පුටුවෙහි කැලෑ උණ සෑදුනු තලගොයෙක් මෙන් දැප දමා සිටියේය.හාන්සි පුටුඅත දිගහැර කකුල් තැබීමට ඇති කෑලි දෙක මත ඔහු කකුල් දෙක දිගහැරගෙන පළල් කරගෙන සිටියේ කෝෂ සිසිල් වීමට බව මා දැන සිටියෙමි.මා දැකීමෙන් ප්‍රීතියට පත් වූ නමුත් ඔහු එය ආයාසයෙන්ම සඟවාගෙන කතා කලේය.
"ආ වොට්සන්...සෑහෙන කාලෙකින් නෙව.මොකද මේ දවස්වල පේන්නවත් හිටියෙ නැත්තෙ." හෝම්ස් ඇසීය.
"උඹට පේන්න ඉන්නවට වඩා මට වෙන වැඩ නැද්ද හෝම්ස්.අනික අවුරුදු කුමාරි ජජ් බෝඩ් එකට පේන්න පුක වන වන යන්න වගේ මං ඇවිත් දවස් දෙකකට සැරයක් උඹේ ඉස්සරහ වනල පෙන්නන්න ඕනද.." මම ඇසූ විට හෝම්ස්ට මළ පැන්නේය.
"ගහප් ගෝතයගෙ වල්ල මිනිමයිස් වෙන්න.බිම දාල බෙල්ල පාගන්නෙ දැනගනිය ප්‍රොස්ටිටියුට් බිච්.." හෝම්ස් ගුගුලේය.
"ඒව කරනකං හංසනී පියුමාලි වගේ කැහැ කැහැ බලං ඉන්නෙ නෑ මං.ඒ විකාර වලින් වැඩක් නෑ හෝම්ස්.ඇත්තටම ඇයි උඹ මේ ගිනි දවල් ජොකා පිටින්.කෝ හඩ්සන් ගෑණි." මම ඇසුවෙමි.
"ඒ අම්මණ්ඩි පොලේ ගියා බං.මේ ගිනි රස්නෙ කෝට් බූට් දාගෙන මට ඉන්න බෑ.ඒකයි මේ කම්පටබල් සමර් කිට් එකට බැස්සෙ.කරන්ට් නැති නිසා ෆෑන් එකවත් දාගන්න හැටියක් නෑ මිත්‍රයා.බඩු පොඩ්ඩක් ඇති පාපිස්ස යට.හිටහං මං ඔතල ගන්නම්.මාව සප්‍රයිස් කරන්න හිතාගෙන කබායෙ ඇතුල් සාක්කුවෙ දාගෙන ආපු සකේ බෝතලෙයි ජොකා අස්සෙ ගහහෙන ඉන්න කසියා බාගෙයි උඩ සාක්කුවෙ දාගෙන ඉන්න බීඩි මිටියයි නේවිකට් දෙකයි එලියට ගනිං." හෝම්ස් ඇඟට පතට නොදැනී පැවසුවේය.
ඇත්තෙන්ම මූව සප්‍රයිස් කිරීමට කිසිවක් සඟවා ගෙනවිත් පලක් නැති බව මට සිහිවූයේ එවෙලෙහිය.නිරීක්ෂණ මගින් නිගමනයන්ට එළඹීම පොල් ගෙඩියක් නම් හෝම්ස් එහි ජෝන් අමරතුංගයි.
"ඇත්තටම කොහොමද හෝම්ස් මම සඟවගෙන ආපු දේවල් ගානට මිම්මට හරියටම කියන්න ඔබට පුළුවන් උනේ." වික්ෂිප්ත වූ මම ඇසුවේ සෙප්පයිස් එකට ගෙනා බඩුත් සාක්කුවේ තිබුනු අටකලංපන්නත් මේසය උඩ තබමිණි.
"වැඩි දෙයක් නෑ වොට්සන්.නිරීක්ෂණ මගින් නිගමනයන්ට එළබීම තමයි.හරි සරලයි.සිරිසේන වගේ." හෝම්ස් කීවේය.
"දැන් බලපං වොට්සන්.උඹ මෙතනට ආපු ගමන් මොකද කලේ,මේ පෑවිල්ලත් එක්ක තියෙන රස්නෙ නිසා කබායෙ බොත්තම් ටික සේරම ඇරගෙන අත් දෙකත් මෙහෙක් කරන් දෙපැත්තට දාගෙන තටු විදාහල මා වවුලෙක් වගේ සෝපාවට පත බෑවුනා.ඒ වෙලාවෙ මම දැක්කා ඇතුල් කබා සාක්කුවෙන් උඩට ඇවිත් තිබුනු කොළපාට ටොනික් මූඩිය.උඹ වගේ උපන්ගෙයි කසිප්පු කාරයෙක් කවදාවත් වැදගත් බ්‍රෑන්ඩ් එකකට යයි කියල මං හීනෙකින්වත් හිතන්නෙ නෑ වොට්සන්.ඒකෙන්ම මං උපකල්පනය කලා උඹ වැදගත් විදියට සීල් කරපු කසිප්පු බෝතලයක්ම ගෙනාව කියල.මගේ ඒ උපකල්පනය තහවුරු උනා උඹ ජොකා අස්සෙ ගහගෙන ඉඳපු කසියා බාගෙන්.මෙතන කැ#යා කියල හිතාගෙන කකුලක් පිට කකුලක් දාගෙන මට උපේනියං දෙද්දි මං දැක්කා උඹට අසාමාන්‍ය විදියට නැගල තියෙනව.අම්මප මට ඒ වෙලාවෙනං උඹේ හක්ක පුකේ හිටින්න පාරක් ගහන්න හිතුනා වොට්සන්.මොකද මං හිතුවෙ උඹට එහෙම උනේ මං ජොකා පිටින් ඉන්නව දැකල කියල.ඒත් දිය රෙද්ද පිටින් වැවේ නාන සනී ලියෝන්ව දැක්කත් උඹට කලිසමේ ඔච්චර ලොකු ඉලිප්පීමක් ඇති කරගන්න බැරි බව මම අත්දැකීමෙන්ම දන්නව.ඒ එක්කම උඹ උඩගහගත්තු කකුල අස්සෙන් මට පෙනුනා බාගෙ බෝතලේ අඩිය කලිසමේ තුන්පූට්ටුවට හිරවෙලා තියෙන අපූරුව.ඇත්තටම මට සැකයක් ආව මිත්‍රයා මේ අබුද්දස්ස කාලෙ උඹ ෆුඩ් සිටියෙන් පොල්තෙල් බාගයක්වත් ඉස්සුවද කියල.පස්සෙ මං දැක්ක උඹ මෙතනට එද්දි කලිසමේ මොනවද ලීක් වෙලා තිබුනා ඒත් ඒ පැල්ලම දැන් මැකිල ගිහින් කියල.විනාඩි 4ක් වගේ කාලෙකින් වාෂ්ප වෙන්න පොල්තෙල් වලටවත් මූත්‍රා වලටවත් උඹගෙ ලීක් ඔයිල් වලටවත් බෑ කියන එක හරිම සරල සිද්ධාන්තයක් මිත්‍රයා.එහෙනම් ඒ ගොඩක් වාෂ්පශීලී ද්‍රවයක් විය යුතුයි.හතේ පන්තියෙදි ඩෙස් එක යට තියන් කුමාරි මිස්ට හොරා කසිය ගහපු මට,බද්දෙවිතානගෙ කෙමෙස්ට්‍රි පන්තියෙ රෑන්ක් දාපු මට ඒ වාෂ්පශීලී ද්‍රවය කසිප්පු කියල අඳුරගන්න මොහොතක්වත් ගියෙ නෑ වොට්සන්.අනික ප්‍රසන්න රණවරයා හැමදාම කසියා පුරවල දුන්නොත් මූඩිය හරියට තද කරල දෙන්නෙ නෑ.ඕක මම හොඳට නෝට් කරපු දෙයක්.ඒක නිසා මං නිගමනය කලා උඹ රණවරාගෙ පොට් එකෙන් පෙරාපු දේසීය බාගෙකුත් ගෙනාව කියල." හෝම්ස් කීවේ පාපිස්ස යට තිබුනු කෑල්ලෙන් කොටසක් ගෙන සිහින්ව කපන අතරතුරය.
"හෆ්ෆට... ඒක හරි කියමු.ඒත් උඹ කොහොමද සාක්කුවෙ තියෙන්නෙ බිඩි මිටියයි නේවිකට් 2යි කියල හරියටම කිව්වෙ.." මම පුදුමයෙන් ඇසුවෙමි.
"අපි එක පන්තියෙ මිනිස්සුනෙ වොට්සන්.උඹ මම විතරක් නෙවෙයි රටේ ඉන්න සුවහසක් බෙබ්බො දැන් බීඩියට වැටිල හමාරයි.ටිකක්හරි ආදායමක් තියෙන එහෙමත් එකෙක් තමයි නේවිකට් එකක්හරි ගහන්නෙ.මම දැක්ක උඹ මෙතන පොයි කෙලිද්දි උඩ සාක්කුවෙ පොඩියට රවුම් හැඩේට යමක් තියෙනව.ඒක ගෝල්ලිප් පෙට්ටියක් නෙවෙයි කියල පහේ පන්තියෙ කෙල්ලෙක්ට උනත් කියන්න පුළුවන්.ඉස්සෙල්ල කාරණාවත් එක්ක මට තේරුණා උඹ දුමක් විදියට බීඩි මිටියක් ගෙනාව කියලා.කොහොමත් පැණි නැතුව කිරි ගෙනැත් වැඩකුත් නෑනෙ.ඒ වගේම කොච්චර බීඩි තිබ්බත් සිගා එකක් නැති අඩුව මකන්න බෑ කියලත් උඹ දන්නව.උඹටයි මටයි එක ගානෙ ගහන්නහරි වටින දේකින් දෙයක් ගෙන්නත් උඹ අමතක කලේ නෑ.ඇත්තටම උඹ හොඳ මිත්‍රයෙක් වොට්සන්.ඒකයි මං උඹට ආදරේ." හෝම්ස් කීවේ සැන්ඩියට බීඩියක් කපා මිශ්‍රණය සකස් කරන අතරතුරය.
"ඒ ඔක්කොමත් හරි හෝම්ස් අර අන්තිම කෑල්ල තමයි අවුල.පොඩ්ඩක් කොළු සීන් වගේ." මම කීවෙමි.
"ටෞක්.. මනුස්සකමට කිව්වෙ හු#තෝ.ඉඳා පත්තු කරලා ගනින්." කෝපාවිෂ්ඨ වූ හෝම්ස් පන්දම මට භාර දුන්නේය.
දෙක අදින විට අවශ්‍ය තැනට යා ගැනීමට හැකිවිය.කසියා පහර සමග එය කදිමට ගැලපිණි.හෝම්ස් එය මනාවට ඔතා තිබිණි.හෝම්ස් මෙන්ම හෝම්ස්ගේ වැඩිමල් සහෝදරයා වූ මයික්‍රොසොෆ්ට් හෝම්ස්ද එතීමේ කලාවේ අති දක්ෂයෙක් විය.වරක් පොල්පිතිගම යොවුන් මේලා කාර්නිවල් එකේ සහරා ෆ්ලෑෂ් ෂෝ එක බලන්න ගිය දවසේ ඩෑල් එක මට සෙට් විය.වේලපහින් අඩියකුත් ගසා සිටි අපි පොර එතූ පැට්ටෙක් ගසා නකීර් වී මියුසිකල් එකට ගොස් පිස්සු නටා හොම්බෙන් ගිය අයුරු මට තවමත් සිහිවේ.බඩු පාර සැරට වැදී නටන පදමට ආපු වෙලාවේ මල් සිංදු කියා අපේ ෆීලිංග් එක පච කිරීම නිසා නැප්පියට තද වූ හෝම්ස් දිගින් දිගටම තුසාර ජෝසප්ට කෑ ගසා ගල් ගසා කුණුහරුපෙන් බනිමින් එක ජංජාලයක් නැටුවේද පොලිස් අක්කා කෙනෙක්ට උම්මා දෙන්න ගියේද එදාය.
"ඇත්තටම කෝ බං උඹලෑ අයියා මයික්‍රොසොෆ්ට් කාරයා." නිහඬතාවය බිඳිමින් මම ඇසුවෙමි.
"ඩයල් එක රිටය උනා බං.උඹ දන්නවනෙ වොට්සන් පොරත් මං වගේම රහස් පරීක්ෂණවලට අති දක්ෂයි කියල.ඒත් අර 'බෝන් අගේන්' මාෆියා කල්ලියත් එක්ක හැප්පිල දිනන්න ඔහුට පුළුවන් උනේ නෑ.ඒ නිසා කලකිරීමෙන්ම තමයි ඔහු නිතරම සිටියේ.පොර අන්‍තිමට මට මේ ටෙලිග්‍රෑම් එක එවල තිබුන." ස්ටූලය මත තිබුනු දින සීයෙන් අළුත් රටක් කෘතහස්ත ග්‍රන්ථයේ පිටුවක් අතර දමා තිබූ විදුලි පණිවිඩය හෝම්ස් මගේ අතෙන් තැබීය.
"යලි අප පිටියේදී හමුවන්නේ නැත.මා පසුපස සිටි සහ වචනයකින් හෝ සහයෝගයක් ලබාදුන් සියළු දෙනාටම තෙරුවන් සරණයි.
මීට ලොකු අයියා මයික්‍රොසොෆ්ට්"
එහි එසේ ලියා තිබිණි.ඇත්තවශයෙන්ම එය මහත් පාඩුවකි.මා මිත්‍ර ෂර්ලොක් හෝම්ස් මෙන්ම මයික්‍රොසොෆ්ට් හෝම්ස්ද අති දක්ෂ පුද්ගලික රහස් පරීක්ෂකයෙක් වූ අතර සිරිලංකාඩ් පොලීසියේද ඔහු තරම් දක්ෂ එකදු නිලධාරියෙක් හෝ සිටියේ නැත.
"ඇත්තටම මටත් කණගාටුයි හෝම්ස්.මොකක්ද මේ 'පිටියේදී හමුවන්නේ නැත' කියන එකේ තේරුම.මොකක්ද ඒ පිටිය." මම ඇසුවෙමි.
"කඹුරුපිටිය බං.පොර හිටියෙ කඹුරුපිටියෙ අපෙ තාත්ත ඉන්න කාලෙ ජීවිත බුක්තිය තියාගෙන ලියල දීපු අර බුරියවත්ත ඉඩමෙනෙ.රිටය වෙලා පොර ඉඩමත් විකුණලා අන්තිමට දෙහිඅත්තකණ්ඩියෙ පදිංචියට ගියා බං." හෝම්ස් කීවේ කසියා පාරක් උගුරට හලා ගනිමිනි.අපේ ඉස්සර බ්‍රෑන්ඩ් එක වූ බජාර් එකේ ලලක්කා හෙවත් තලතලා අතුකෝරලගේ එකට වඩා ප්‍රසන්න රණවරාගේ කසිය පාර සැර වැඩි බව පළමු ෂොට් එකෙන්ම මට දැනුනි.
"පට්ට දාඩිය පොල්ලක්නෙ දැම්මෙ.ෆෑන් එක දාගන්නවත් නෑ කරන්ට් කපලනෙ හු#ත." හෝම්ස් කීවේ නැගිට ගොස් ජනේලයක් අරින අතරතුරය.
"පට්ට රස්නෙයක් තියෙන්නෙ හෝම්ස්.වෙලාවක හිතෙනව ඔක්කොම අතෑරල දකුණු රට වගේ හොඳ සශ්‍රීක සුපිරි රටකට යන්න." මම කීවෙමි.
"ඒකත් ඇත්ත තමයි බං.මේ ගස් කපන කැපිල්ලට මෙහෙම තියෙනව ඇති.දැන් බලපං වොට්සන් 'ලේක්ෆයර්' වනාන්තරේ, 'ලයන්කිංග්' වනාන්තරේ 'නකල්ස් වනාන්තරේ' මේ ඔක්කොම කපාගෙන යනවනෙ අර බදුරෙදීන් වේසිගෙබල්හා." හෝම්ස් පැවසුවේ තරහිනි.
"ඒ උනාට හෝම්ස් මේ පාරනම් සිස්ටම් එක චේන්ජ් වේගෙන එන්නෙ.මටනම් ෂුවර් ලොකු වෙනසක් වෙයි." මම කීවෙමි.
"ලබ්බ තමයි වොට්සන්.කොච්චර උනත් බලපංකො මැයි පළවෙනිදට රැළි ටික.එතකොට තේරෙයි චේන්ජ් එක." හෝම්ස් කීවේ කට කොනකින් සිනාසෙමින් වුවද දැඩි ශෝකයෙනි.පසුගිය දින ගණනාවක් තිස්සේ දැඩි ආර්ථික ප්‍රශ්නවලට මුහුණදීමට හෝම්ස්ට සිදුවිය.එයට ප්‍රධානතම හේතුව වූයේ හෝම්ස්ට විසඳීමට ලැබුනු ගැටළු ප්‍රමාණය අඩු වීමයි.මන්දයත් සිරිලංකාඩ් පොලීසිය විසින් හෝම්ස්ට වඩා දක්ෂ ලෙස එම ගැටළු විසඳීමයි.උදාහරණයක් ලෙස මෑතකදී මුළු ලන්ඩනයම භීතියෙන් මුසපත් කල දේවාරූඪ වූ කපුවාගේ කුපාඩිකම නැමැති අභිරහස හෝම්ස්ට පෙර විසඳා පැය දෙකෙන් විසඳුම ලබා ගැනීමට සිරිලංකාඩ් පොලීසිය සමත් විය.ඉතා අහිංසක අවංක වැදගත් කපු මහතෙක්ගේ සිරුරට ආරූඪ වී එම ආරූඪයෙන් ඔහු ලවා බාලවයස්කාර දැරියක්ව දූෂණය කරවීමට තරම් කෲරතර මනසක් තිබූ එම දෙවියාව අල්ලා ඩී.සී.එස්.එල්. ගල් බාගෙ බෝතලේක දමා කිරල ඇබයක් ගසා උසාවියට භාර දී ශීලය නොකැඩෙන පරිදි ප්‍රවේසමට ඒ අහිංසක කපු මහතාව බේරාගැනීමට සිරිලංකාඩ් පොලීසිය යුහුසුළුව කටයුතු කලේය.යථොක්ත සිදුවීම කණවැකුණු සැනින් හෝම්ස් මා සමග කියා සිටියේ එම කපුවා කුපාඩියෙක් බවත් එයට වරදකරු ඔහු බවත්ය.එහෙත් සිරිලංකාඩ් පොලීසිය ගැටළුව විසඳා දෙවියාව අල්ලාගත් පසු මා හෝම්ස්ට සතියක් යනතුරු කින්ඩි දැමූයෙමි.එම දුකට ලලක්කාගේ පොට් එකට ගොස් කසිප්පු බෝතල් එකහමාරක් බී නස්තාර් වී බෝගහ හන්දියෙ වීල් පාක් එක ලඟ වැටී සිටි හෝම්ස්ව ගෙදරට ගෙනවිත් හඩ්සන් මහත්මියට බාර දී තිබුනේද පාසල් නිමවී ගෙදර යමින් සිටි දක්ෂ සිසුන් දෙදෙනෙක් වූ අවන්ත සහ අනුහස් විසිනි.
විසිත්ත කාමරයට වී මා සමග නිවී සැනසිල්ලේ අඩිය ගසමින් සිටි හෝම්ස් එක්වරම ජනෙල් රෙද්ද උස්සා පහල මාවත දෙස මද වේලවක් බලා සිටියේය.
"හුරේ...යි.විසඳන්න ගැටළුවක් ලැබෙන්නයි යන්නෙ වොට්සන්.ජී චකා..ජිංකි චකා...මේකනම් ගොඩක් සංකීර්ණ ගැටළුවක් වෙයි.පේන විදියටනම් මෙහෙට එන හිපාටුවට දහ අතේ කෙලවෙලා ඩයිනෝසර්ලා දහයක් විතර පෝලිම් දාලා වගේ." පුකේ ටින්ටස් ඇණයක් ඇනුන දෙවන ලෝක යුද්ධ භටයෙක් මෙන් හී සැරක් සේ නැගී සිටි හෝම්ස් මට එය පවසා ක්ෂණිකව නිදන කාමරයට පැන දොර වසාගත්තේය.
"අර හු#තා ඇවිත් දොරට තඩිබාවි.එකපාරටම දොර අරින්න එපා,පොඩ්ඩක් බිසී වගේ පෙන්නපං." හෝම්ස් කාමරය තුල සිට ගුගුලේය.
අමුත්තා ඉතා වේගයෙන් තරප්පු පෙල නගින ශබ්දය ඇසුනු අතර එක්වරම කිසිදු තට්ටු කිරීමකින් තොරව හුකෑස් ගා දොර ඇරගෙන ඔහු අපගේ විසිත්ත කාමරයට පිවිසී සිටියේය.ඔහුගේ මුහුණ සුදුමැලි වී තිබූ අතර මුහුණේ වූයේ තදින් කැලඹීමකට පත්වූ සලකුණුයි.
"අනේ හෝම්ස් මහත්මයා ඉක්මණට මට බ්‍රැන්ඩි වීදුරුවක්." අමුත්තා වෙව්ලන දෑස් මා දෙසට යොමු කර ආයාචනා කලේය.
"තොපිලා කෙලං එන එන වෙලාවට බ්‍රැන්ඩි ගිල්ලන්න මේක බාර් එකක් කියල හිතුවද යකෝ.උඹට ඔච්චරම ඕන්නං එනගමක් කාලක් ගහල එන්න තිබුණනෙ." එකෙනෙහිම නිදන කාමරයේ දොර ඇරගෙන විසිත්ත කාමරයට පිවිසි හෝම්ස්,අමුත්තාට ගිගිරුවේය.හෝම්ස් පැමිණියේ තමාට සුපුරුදු ඇඳුමින් සැරසී ලින්ක් කේශා ගා කොණ්ඩය පීරා දුම් පයිප්පයද කටේ ගසාගෙන බස්තමද රැගෙන සුපුරුදු උජාරු ලීලාවෙනි.ඔහු එක්වරම කාමරයට පිවිසියේ මේ වෙස් පෙරලිය සඳහා බව මට වැටහිණි.
හෝම්ස් ගේ බැනුම් නොතැකූ අමුත්තා ස්ටූලය මත තිබූ කසිප්පු බෝතලය ගෙන කට තියාගෙන බීගෙන බීගෙන ගියේ ඉතාමත් කැලඹීමට පත්වූ අයුරිනි.හෝම්ස් එදෙස බලා සිටියේ,අවුරුදු අවසන් වූ පසු කාටත් හොරෙන් තනියම කෑමට සඟවා තැබූ කැවුම් ගෙඩියක් ගෙදර වෙන එකෙක්ට අසුවී කන අවස්ථාව ශෝකයෙන් බලා සිටින තුන වසරේ කුඩා ළමයෙකුගේ වැන් අසරණ මුහුණකිනි.එක හුස්මට උගුරු අටක් විතර බිව් අමුත්තා බෝතලය ස්ටූලය මත තැබීය.එයින් ඔහුගේ කැලඹිලි ස්වභාවය මදක් අඩුවූ බව පෙනෙන්නට තිබිනි.
"හෝම්ස් මහත්මයා...කවුද මේ මට කෑ ගහපු පර බල්ලා." අමුත්තා විමසුවේ මගෙනි.ඔහු සිතා සිටින්නේ හෝම්ස් මා බවයි.
"ඇත්තටම ලොකු උන්නැහේ මෙතන මමයි ෂර්ලොක් හෝම්ස්.ඔබ ඉන්නෙ වැරදි වැටහීමක." හෝම්ස් කීවේය.
"ආ ඇත්තද හෝම්ස් මහත්මයා.එතකොට කවුද මේ පරබල්ලා." ඔහු ඇසුවේ මාහට ඇඟිල්ල දිගු කරමිනි.
"මේ දොස්තර ජෝන් වොට්සන්.එම්බීබීඑස් ලන්ඩන්, යුනිවර්සිටි ඔෆ් සයිටම්.ඔහු තමයි මගේ සහයකයා." හෝම්ස් ඔහුට මාව හඳුන්වා දුන්නේය.
" ආ එහෙමද සල්ලි තියෙනව නම් ඉතින් ඕන ගොනෙකුට පුළුවන් දොස්තර කෙනෙක් වෙන්න.මටත් ඉන්නව ජෝන් කියල යාළුවෙක්.එයාට ලොකු පොල්ලෙලි මෝලක් තියෙනව.මේ ලඟ ගෙවල් තියෙන්නෙ." අමුත්තා කීවේය.පොර මහ කට වාචාල ඩයල් එකක් බව අපට වැටහිණි.
" මම කැමතියි මහත්මයා ඔබ ඔතනින් ඉඳගන්නවනම්.මොකද ඔබ මෙතනට එනකොටත් වෙව්ලමින් හිටියෙ.මට හිතෙන්නෙ දරුණු ප්‍රශ්නයක් විය යුතුයි." මම ඇසුවේ ඔහුට අමුත්තන්ට වාඩිවීමට තබා ඇති අපේ කැඩිච්ච වැල් පුටුව පෙන්වමිනි.
"ඔව් මහත්මයා දරුණු ප්‍රශ්නයක් තමයි.සික් එකනෙ.හවස් වෙද්දි පොඩ්ඩක් දාගත්තෙ නැත්නම් වෙව්ලන්න ගන්නව.හැමදාම ඔහොමයි.වෙලාවට කසිය පාර සෙට් උනේ." වැල් පුටුවෙන් වාඩිවූ අමුත්තා සිනා සෙමින් කීවේය.
හෝම්ස්ටත් මටත් මූණින් මූණ බැලුණේ නිතැතිනි.ඔහුට හොඳින් ඉදුණු විශාල වට්ටක්කා ගෙඩියකින් පහර දී පාර දිගේ එලවාගෙන යන්නට මට සිතුණු නමුත් ඉවසා සිටියේ හෝම්ස්ගේ රස්සාවට කෙලවීම නොකල යුතු නිසාය.අමුත්තා අවුරුදු 65 පැනපු නාකි හෝතම්බුවෙක් බව දුටුවනම මා නිගමනය කලෙමි.සුදු අත්දිග කමිසයක් සහ සුදු සරොමක් හැඳසිටි ඔහු උපැස් යුවලක් පැලඳ සිටියේය.වාචාල කටක් සහ අමිහිරි කටහඬක් හිමි ඔහු සිනාසෙනවිට ඇස් සිහින්වී යන අතර තරමක් ජෝකර් පෙනුමකින් යුක්ත අයෙක් විය.
"හරි මහත්මයා...මම සූදානම් ඔබේ කතාව අහන්න.ඔබ එකින් එක නිවැරදිව පැහැදිලිව විස්තර කරනවනම් ඒක මට ලොකු සහයක් වෙයි නිවැරදි නිගමනයන්ට එලඹෙන්න " සුපුරුදු ලෙස හාන්සි පුටුවේ පතබෑවුනු හෝම්ස් කීවේය.
"නිගමනයන්ට එලඹෙන්න නම් ඕන ගොනෙකුට පුළුවන්.හිහී" අමුත්තා කීවේ සිනාසෙමිනි.
හෝම්ස්ට මළපැනගෙන ආ බව මට දක්නට තිබිනි.ඕකාට මළපැන්නොත් ඌරෙක් වැනිය අතට අහුවෙන එකෙන් පහර දෙයි.නාකියා හු#ගන්න ආසන්න බව මට පෙනෙන්නට තිබිනි.
"අ...බ්.. ඇත්තටම සමාවෙන්න ඕන හෝම්ස් මහත්මයා...මම එහෙනම් කතාව කියන්නම් නේද.මගෙ නම ලක්ෂ්මන් කිරිඇල්ල.මේක මහා මංකොල්ලයක් මහත්මයා.මහ දවල් වෙච්ච දරුණු මංකොල්ලයක්...