ජර්මන් ශෙපර්ඩ් එහෙමත් නැත්තන් ඇල්ටේශන් කියන්නෙ ලංකාවෙ වගේම ලෝකෙත් ගොඩක්ම ජනප්‍රිය බලු වර්ගයක්. කඩිසරකම, වේගය, තියුණු ඉව, බුද්ධිය සහ තමන්ගෙ ගෙදර අයට තියෙන ආදරය නිසා තමයි මෙයාලව මෙච්චරම ජනප්‍රිය වෙලා තියෙන්නෙ.
- උස - අගල් 24-26 (පිරිමි) , අගල් 22-24 (ගැහැණු)
- බර - 29 kg - 40 kg (පිරිමි) , 22 kg - 32kg (ගැහැණු)
- ආයු කාලය - අවුරුදු 9- 13 අතර
ජර්මන් ශෙපර්ඩ් කියන්නෙ හුරතලෙට වගේම ආරක්ෂාවටත් ඇති කරන්න පුලුවන් බලු වර්ගයක්. තමන්ගේ ස්වාමියාට කරදරක්නම් ඒ වෙනුවෙන් තමන්ගෙ පණ වුණත් දෙන්න මෙයාල දෙපාරක් හිතන්නෙ නැහැ.ඒවගේම ජර්මන් ශෙපර්ඩ් කියන්නෙ ගොඩක්ම ක්‍රියාශීලී බල්ලො ජාතියක්. කොයිවෙලාවෙත් බලන්නෙ සෙල්ලම් කරන්න.
මුල් කාලයේ ජර්මන් ශෙපර්ඩ්ලව යොදාගෙන තියෙන්නෙ බැටලුවන්ව බලාගන්න. ඒත් පසුකාලීනව මෙයාලගෙ තියෙන ශක්තිය, බුද්දිමත්බාවය සහ පුහුණු කිරීමේ හැකියාව නිසා මෙයාලව පොලිස් මෙහෙයුම්, හමුදා මෙහෙයුම් වගේම මුදවා ගැනීමේ මෙහෙයුම් වලටත් මෙයාලව යොදාගන්නව.
ජර්මන් ශෙපර්ඩ් පැටවුන්
පොඩි කාලෙ කලුවට කලුවෙ පුලුන් බෝල වගේ ඉන්න මෙයාල හරිම හුරතල් සත්ව කොට්ඨාශයක්. පොඩි කාලේ වැඩිම කැමත්තක් දක්වන්නෙ සෙල්ලම් කරන්න. කන්න නැතත් කමන් නැහැ සෙල්ලම් කරන්න තියෙනවනම්. හැබැයි ටික ටික ලොකු වෙන කොට දැගලිල්ල අඩු වෙනව. සෙල්ලමට බර හිතක් තිබුණට ලොකු වුනාම පොඩිකාලෙ තරම්ම දගලන්නෙ සෙල්ලම් කරන්නෙ නැහැ. ඒවගේම තමයි ජර්මන් ශෙපර්ඩ් පැටියෙක් ලංකාවෙ රු. 22000 සිට රු. 40000 අතර මුදලකට අලෙවි වෙනව.
ඔයත් ජර්මන් ශෙපර්ඩ් පැටියෙක් ගන්නද ඉන්නෙ?
මම කලින් කිවුව වගේ ජර්මන් ශෙපර්ඩ්ල ඔයාට දෙන ආරක්ෂාව ඉතාමත් ඉහළයි. ඒවගේම තමයි ආදරයත්. ඕනෙ පොඩි එකෙක් එක්ක වුණත් තනියෙන් තියල යන්න පුලුවන්. ඒතරම් හොදට බලාගන්නව. ඒවගේම තමයි මෙයාල කැමති නැහැ එක තැනකට වෙලා කූඩු වෙලා ඉන්න. මෙයාලට ඕනෙ නිදහසේ දුවන්න. අපේ එකාට සෙල්ලම් කරන්න ඕනෙ වුණාම මගේ සෙරෙප්පුවක් අරගෙන දුවනව. 😄😂😂😂 ඒවගේම ජර්මන් ශෙපර්ඩ් කියන්නෙ ගොඩක් සන්වේදී බලු විශේෂයක්. මොකද පොඩ්ඩ ඇත්තන් ඇති මූණ එල්ලගන්න. අපේ එකාට එකක් ගැහුවම කන්නෙත් නැහැ. බොන්නෙත් නැහැ.ලගට ගිහින් අතගානකන් ඔහේ බලාගත්තු අත බලාගෙන ඉන්නව.
ජර්මන් ශෙපර්ඩ් කියන්නෙ ගොඩක්ම ක්‍රියාශීලී බල්ලො වර්ගයක්. ඒ නිසා මෙයාව දවසට එක පාරක්වත් හොදට දුවවන්න ඕනෙ. නැත්තන් ලෙඩ වෙනව. ඒ නිසා ඔයාට මෙයාලව දුවවන්න බැරි නම් වෙලාවක් නැත්තන් මෙයත් එක්ක සෙල්ලම් කරන්න වෙලාවක් නැත්තන් ජර්මන් ශ්පර්ඩ් කෙනෙක් අරගෙන තේරුමන් නැහැ. ඒවගේම තමයි එයා අපිට ආදරය කරනව වගේම අපෙනුත් ආදරය බලාපොරොත්තු වෙනව. මම කලිනුත් කිවුවනෙ ජර්මන් ශෙපර්ඩ් කියන්නෙ ගොඩක් ශක්ති සම්පන්න බල්ලො වර්ගයක් කියල. ඒ නිසා දම්වැලක් දාගෙන යනකොට මෙයාව පාලනය කරගන්න හැකියාවක් වගේම ශක්තියක් ඔයාට තියෙන්න ඕනෙ. ඒවගේම තමයි පොඩි කාලෙ වෙලාවටම බෙහෙත් ටික විදින්න වගේම විටමින් දෙන්නත් ඕනෙ. නැත්තන් ලෙඩ හැදෙනව. ඒවටත් ටිකක් වියදම් යනව. වියදම ගියත් මෙයාගෙන් තියෙන ප්‍රයෝජනය මෙයාල අපිට දෙන සතුට අපිට සල්ලි වලටවත් ගන්න බැහැ.
ඒවගේම ඔයා ජර්මන් ශෙපර්ඩ් බල්ලොන්ට ආසයිනම් මෙන්න මේ ෆිල්ම් තුනත් බලන්න. පට්ටම ආතල් ෆිල්ම් තුනක්. පිංතූරෙට යට තියෙන නම ක්ලික් කරල ඔයාලට ෆිල්ම් එක ටොරන්ට් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් සයිට් එකට යන්න පුලුවන්.
![]() |
K-9 (1989) |
![]() |
K-911 (1999) |
![]() |
K-9:P.I (2002) |
තව දෙයක් කියන්න තියෙනව. ලංකාවෙ ලයන් ශෙපර්ඩ් කියල බලු වර්ගෙකුත් ඉන්නවනෙ. ඇත්තටම එහෙම බලු වර්ගයක් නැහැ. ලංකාවෙ මිනිස්සු ලයන් ශෙපර්ඩ් කියන්නෙ ලෝම දිග ජර්මන් ශෙපර්ඩ් බල්ලන්ට.
ඉතින් අද ඉදලවත් ඔය ලයන් ශෙපර්ඩ් කියන නම නොකිය ඉන්න. මොකද එහෙම බලු වර්යගක් නැහැනෙ.
එහෙනම් මම ගිහින් එන්නම්. හැමෝටම බුදු සරණයි.