දැඩි ශීත කාලගුණය ලන්ඩන් වැසියන්ගේ ඇටවලු අග්ගලා බවට පත්කරමින් තිබුනු ජනවාරියේ මුල්භාගයේ දිනෙක හෝම්ස් සහ මම නැවතත් ජෝකර් වීථියේ අපගේ සුපුරුදු නිවහන වෙත පදිංචිය පිණිස වාර්තා කලෙමු.අපගේ පැමිණීමෙන් විනිර්මුක්ත වූ හඩ්සන් මහත්මිය ප්‍රීතියෙන් ඉපිල ගොස් ක්ලාන්ත වී මල් පාත්තියට ඇද වැටුනු අතර සිහි ආ විගස ඇය කීවේ ඉස්සර වගේ ආයෙත් පාරට පේන්න හිල් වෙච්ච ජොක්කු වනනවානම් වෙන බෝඩිමක් හොයාගත්තාට කමක් නැත කියාය.නමුත් අප එහි යනතුරුත් හඩ්සන් මහත්මිය අපගේ ඉහත මහල කිසිවෙකුටත් බදු දී නොතිබුණි.සියඹලංගොඩකඩුව හතේ කණුවෙ හෝල්ට් එකෙන් උදේ 5.42 තනිදොර සීටීබී කොටය අල්ලාගත් අපි ලන්ඩනයට ලඟාවනවිට සවස 4.30 පමණ වී තිබිණි.බෝගහවත්ත වීල් පාක් එක ලඟින් තණ්ඩලේ මාමාගේ අශ්ව කරත්තයට උබර් එකක් දාගෙන බඩු කලමනා සියල්ලද පටවාගෙන ජෝකර් වීථියේ අපගේ නිවහන වෙත පැමිණෙන විට සවස 5 පසුවී තිබිණි.තණ්ඩලේ මාමාගේ අශ්ව කරත්තයෙන් අපගේ බඩුමුට්ටු බාගන්නා අතරතුර කවුරුන් හෝ වයසක ඩෑල් එකක් අන්දර ගස් පේලියට මුවා වී අප ගැන ඔත්තු බලන බව අපට පැහැදිලිවම දැකගැනීමට හැකිවිය.වහා කලබල වූ හෝම්ස් උස් හඬින් අමුත්තාට කතා කලේය.
" කවුදෞත්තෝ ඔතන හැංගිලා ඉන්නෙ.මොනවද බලන්නෙ ආ." හෝම්ස් ගිගුරුවේය.එකෙනෙහිම තිගැස්සී ගිය ඔහු බියෙන් මෙන් ගස් අතරින් ඉවත් වී අප වෙත ඇවිද එන්නට විය.
"මා බ්ව බ...ඔයා කවුද මට එහෙම කතා කරන්න.මට අදාල නෑ ඒක ඒගොල්ලන්ගෙන් අහගන්නව." අමුත්තා කීවේ ගොත ගසමිනි.සියවසකින් පමණ තෙල් නොදැමූ රජයේ පාසල් කක්කුස්සි දොරක සරනේරුවකින් එන්නාක් වැනි වූ ඔහුගේ කටහඬ මා තුල ඇතිකලේ මනමෝහණීය හැඟීමක් නොවේ.අවුරුදු 75ක් පමණ වයසක සිටි උස් සිරුරකින් හෙබි ඔහු සුදු සරමක් සහ සුදු අත් දිග කමිසයක් ඇඳ සිටියේය.මුහුණෙහි වූයේ බල්ලෙක්ට විසිකර ගැසූ වියලි තැඹිලි කෝම්බයක පෙනුමකි.කෙසේ නමුත් අපගේ සංවාදය ඇසී නිවස තුල සිටි හඩ්සන් මහත්මිය ඉක්මනින් අප සිටි තැනට පැමිණියාය.
"මොනාද අයිසෙ කියන්නෙ.කවුද තමුසෙ.මොනවද හොරෙන් බලන්නෙ." හෝම්ස් ප්‍රශ්න කලේය.
"මං ඔයා දිහා බැලුවෙ නෑනෙ.මම දන්නෑ ඒව.ම්..බ්ව්..ඒව මෙයාගෙන් අහගන්න." ඔහු කීවේ හඩ්සන් මහත්මිය පෙනවමිනි.
"ආ කලබල වෙන්න එපා හෝම්ස් මහත්මයා.මේ මගේ එෆ්බී එකේ හොඳ යාළුවෙක්.මගෙ ඉන්ස්ටග්‍රෑම් ෆලොවර් කෙනෙක්.ඔයාල නැති කාලෙ ඉඳහිට මාව බලන්න මෙහෙ ආව ගියා.අඳුරගන්න මේ ජෝන් මහත්මයා." හඩ්සන් මහත්මිය අපිව අර පොරට හඳුන්වාදුන්නාය.
පොරගේ නම ජෝන් අමරතුංග බවත් ජාඇල ලොකු පොල් ලෙලි මෝලක්ද,පොල් කොහු මෝල් 2ක්ද පොල් කුඩු මෝල් 3ක් ද පොල් වතු 2ක්ද පොල් වලු එකක්ද හිමි දැවැන්ත මෝල් කාරයෙක් බව අපට ඔහු සමග කතාබහ කිරීමෙන් පසුව දැනගැනීමට හැකිවිය.අපි මෙහි නොසිටි කාල සීමාවේ හඩ්සන් ගෑණිත් හොඳ හොඳ පොල්ලෙලි ගැහිල්ලක් ගසා ඇති බව මම නිගමනය කර හෝම්ස්ට කී අතර හෝම්ස්ද එය ප්රත්යක්ෂයෙන්ම තහවුරු කලේය.අප බඩුමුට්ටු බාගන්නා අතරතුර හඩ්සන් ගෑණි සහ පොල් ජෝනා පැත්තකට වී කුටු කුටු ගගා සිටි අතර මිනිත්තු කිහිපයකට සංවාදයකින් පසු පොල් ජෝනා ජොයින්ට් කෑල්ලක් ගන්නට ගොස් බඩු නැතුව ගෙදර යන නාට්ටාමියෙකුගේ වැනි අපේක්ෂා භංගවූ මුහුණක් සාදාගෙන එතනින් පිටව ගියේය.මේ සිද්දියට කණ තියාගෙන ඕපාදූප එක්රැස් කරමින් සිටි තණ්ඩලේ මාමාට රුපියල් 20ක ටිප් එකක් සහ ගමගේ මල්තෝර බීඩියක් ලබාදී එලවා දැමීමට හෝම්ස් කටයුතු කලේය.
අපගේ බඩුමුට්ටු අටකලංපන්න සහ නරිලාඩං සියල්ල ඉහත මහල වෙත ඔසවගෙන ගොස් අපගේ ගන්ධකුටීරයේ ද්වාරය විවෘත කර ෆෝන් එකේ ෆ්ලෑෂර් එක ගසා බැලූවිට අපට දැනුනේ ක්‍රි.පූ.1273ට පමණ අයත් තුන්වන ටූටන්කාමේශ්වරන් රජුන්ගේ මොසපොතේමියානු සංස්කෘතියට අනුව නිමවූ ඉපැරැණි ගල්ගුහා සංකීර්ණයකට පිවිසියාක් වැනි පෞරාණික හැඟීමකි.මුළු කාමරය පුරා ගුප්ත අඩ අඳුරක් විහිදී තිබුනු අතර සම්පූර්ණ කාමරයම මිලිමීටර් 2.46ක පමණ ඝණකමකින් යුත් දුහුවිලි තට්ටුවකින් වැසී තිබිණි.පැති බරාඳය සහ හෝම්ස් සාමාන්‍යයෙන් කබරයා දමන වොෂ්රූම් එක අසල ඇති කොටුව වැනි ප්‍රදේශයද තනිකරම දුහුවිලි තට්ටුවකින් ආඪ්‍ය වී අති භයංකර පෙනුමක් එක් කලේය.හැරී පෝටරයා සහ හර්මයිනි නංගී බබා උමග දිගේ ගොස් ස්ලිතරිංගේ උරුමක්කාරයා සොයාගත්තාක් මෙන් හෝම්ස් සහ මම අතපත ගාගෙන ගොස් කාමරයේ ස්විච් එක සොයාගත්තෙමු.හෝම්ස්ටද එය තිබුනු තැන අමතක වී තිබිනි.දැඩි ශීතල තත්වයක් තිබුනද ගිනි උඳුන දැල්වීමට හෝම්ස්ට උවමනාවක් නොතිබිනි.ඌට ඕන නැත්නම් මමත් සෙකන්ඩ් නොවිය යුතු නිසා ලයින් එකටම මාද එය දැල්වීමට ඉදිරිපත් නොවූයෙමි.ගමගේ මල්තෝර බීඩි දෙකක් දල්වාගත් හෝම්ස් සහ මා කාමරය පිරිසිදු කිරීමට පටන් ගත්තෙමු.මද වෙලාවකින් අපගේ තරප්පු පෙල කිසිවෙකු හෝ නැග එන හඬක් ඇසුනි.
"හෝම්ස් මහත්මයා..." ඒ හඩ්සන් මහත්මියයි.
"ආ ඔව් බබා පොඩ්ඩක් ඉන්න." හෝම්ස් කරමින් සිටි වැඩ පසෙක දමා ගොස් දොර විවෘත කලේය.හඩ්සන් මහත්මිය යම්කිසි කොල කැබැල්ලක් හෝම්ස්ට දී නැවත පිටව ගියාය.හාන්සි පුටුවේ වාඩිවූ හෝම්ස් ඉතා නිස්කාංසුවේ එය කියවන බවක් පෙනුනි.ගතවූයේ නිමේශයකි.ඇමේසන් වනාන්තරයේ සිටින උග්‍ර විසැති දිවි මකුළුවෙක් සිය වම් තට්ටම සපාකෑවාක් මෙන් හෝම්ස් ඉද්ද ගසා පුටුවෙන් නැගී සිටියේය.එකෙනෙහිම ඔහු විසිත්ත කාමරයෙන් නිදන කාමරය පැත්තට දිව ගිය අතර ඇතුලෙන් පෙට්ටි බෙලෙක්ක සහ වීදුරු බෝතල් පෙරලෙන ශබ්දයක් ඇසුනි.මද වෙලාවකින් ලොකු මැලිබන් බිස්කට් කාඩ්බෝඩ් පෙට්ටියක් ඔසවාගෙන පැමිණි හෝම්ස් එහි වූ දේවල් සියල්ල ගිනි උඳුනට හලා එය දැල්වීමට උත්සහ කලේය.සිදුවීමෙන් වික්ෂිප්ත වූ මා දුටුවේ හෝම්ස්ගේ ජනප්‍රිය හාන්සි පුටුව මත තිබූ කොල කැබැල්ලයි.එය විදුලි පණිවිඩයක් බව දුටුවනම මා දැනගත්තෙමි.නිර්නාමික පණිවිඩයක් වූ එහි මෙසේ සඳහන්ව තිබිණි
"කැ# වැඩේ මල්ලි උනේ මල්ලි.ඩීවීඩී ඔක්කොම මල්ලි පොලීසිය ගත්තා මල්ලී.ඔක්කොම ලීක් උනා මල්ලි.වැල ටිකත් මල්ලි ඔක්කොම මල්ලි මාට්ටු මල්ලි. - ඉයෝව්"
මෙතෙක් වෙලා අපගේ විසිත්ත කාමරයේ තිබුනු ශීතල තත්වය පහවගොස් තිබුනේ හෝම්ස් ඉතා උත්සුක ලෙස ගිනි උඳුන දල්වා හෙනම ගිනි මෝලක් සාදා තිබුනු නිසාය.ඩීවීඩී අට්ටියක්,කැසට් පීස් තොගයක් ,සහ ග්‍රෑම්පෝන් තැටි ලොට්ටක් දමා හෝම්ස් විසින් අප්‍රිකානු ගෝත්‍රිකයන් බර්ත්ඩේ පාටි සැමරීමට සාදන ආකාරයේ උත්කෘෂ්ට ගිනිමැලයක් ගසා තිබිනි.දැඩි කැලඹීමකට පත්ව සිටි හෝම්ස් කසිප්පු බෝතල් බාගයක් පමණ එක හුස්මට පානය කලේය.අශේන් මල්ලිගේ සමීක්ෂණයෙන් පෙන්වාදුන් අසහනකාරී පුද්ගලයන් හැසිරෙන්නාක් මෙන් හෝම්ස්ද දැඩි කැලඹීමෙන් සහ අසහනයෙන් පැය 2ක් පමණ කාමරය පුරා ඔබ මොබ ඇවිද්ද අතර මල්තෝර බීඩි මිටියක්ම පානය කර අවසන් කලේය.දිනක් රෑ දෙගොඩහරියේ තනියම සියඹලංගොඩකඩුව ශානි නංගිව බැලීමට ඒකිගේ ගෙදරට ගොස් එන අතරතුර පිහිඹියා ගසක් උඩ හිඳ ඇඟට බෙට්ටක් දමා ඉගිල ගිය මූකලන් බස්සෙක්ට තම දුම් පයිප්පය විසිකර ගැසූ බව හෝම්ස් මා සමග පවසා තිබිනි.එදායින් පසු හෝම්ස් නැවත පයිප්පයක් මිලදී ගත්තේ නැති අතර ලාබදායි ක්‍රමවේදයක් ලෙස ගමගේ මල්තෝර බීඩියට හුරුවිය.කෙසේ වෙතත් ඌ නැවතත් බඩු අස්පරස් කිරීමේ මාහැඟි පුණ්‍යකර්මයට දායක නොවන බව මා ඉඳුරාම දන්නා නිසා පාඩුවේ තනියම ඒ කටයුත්ත කරගෙන ගියෙමි.ඕකාට ටෝක් කරන්නට ගොස් උගේ ගිනිසීරියා කෝටු වැනි ශක්තිමත් අත්වලින් පාරක් වැදුනොත් හත්මාසයක් පත්තු බඳින්නට වෙන බව පූර්ව අත්දැකීම්වලිම් මා දන්නා නිසා කාමරය අස්කර අවසන් වනතුරු ඌට උගේ පාඩුවේ ඕන ලබ්බක් ගසාගැනීමට මා ඉඩ දුන්නේ ඉමහත් කැමැත්තෙනි.රාත්‍රී ආහාරය පිණිස හඩ්සන් මහත්මිය කැකුළු හාලේ බතක් කීරමින් කරෝල බැදුමක් අලු කෙසෙල් ව්‍යාංජනයක් සහ අඟුණකොළ මැල්ලුමක් සාදා තිබුණද හෝම්ස් රාත්‍රී ආහාරය ගත්තේද නැත.උගේ ඒ හැසිරීම මාහට එතරම් අමුත්තක් නොවූ නිසා මා තනිවම රාත්‍රී ආහාරය ගෙන ඉහත අපගේ මහල වෙත ගියෙමි.ඒ යනවිටත් හෝම්ස්ගේ ජංගම දුරකථනය අම්බානෙකට නාදවෙමින් තිබුනු අතර හෝම්ස් දුරකථනය දෙස බලා සිටියේ ගම් හතක ගෑණුන්ට විණ කටිමින් සිටි අති භයානක භූතයෙක් හෙන ගේමක් දී ගල් බාගෙ බෝතලයකට දමා සීල් කල පසු ඒ දෙස භීතියෙන් බලා සිටින කට්ටඩියාගේ ගෝලයා මෙනි.දුරකථනයට ඇමතුම් විසි තුනක් පමණ පැමිණියද හෝම්ස් කලේ භීතියෙන් ඒ දෙස බලා සිටීම පමණකි.
පසුදා උදෑසන මා නැගිට බලනවිටත් හෝම්ස් සිය ජනප්‍රිය හාන්සි පුටුවේ ඒ ඉරියව්වෙන්ම වැටී සිටි අතර වතුර බොන පූසන්ගේ මුහුණ මෙන් නිදිවර්ජිත මුහුණකින් මා දෙස බැලූ ඔහු මද සිනාහවක් දැමුවේය.
"මොකද හෝම්ස් ඔබට එක පාරටම උනේ." මම ඇසුවෙමි.
"ඒ ගැන කතාකරලා වැඩක් නෑ වොට්සන්.මේ බලපං අද ඩේලි ටෙලිග්රාෆ් පුවත්පත." හෝම්ස් කීවේ ස්ටූල් එක මත තිබූ ඩේලි ටෙලිග්රාෆ් පුවත්පත මට දෙමිනි.
"හඬපට එලියට - සලුපට අහකට"
"රන්ජන් පියුමි එක්ක කියපු දෙයින් කාගෙත් රෙදි ගැලවෙයි."
"රන්ජන්ගේ වැල ඩීවීඩී තොගයක් මාට්ටු."
"රන්ජන් එක්ක බැක්සයිඩ් කරපු නංගි බලන්න - 3 පිටුවට"
"ටීනා හෑන්ඩ් ජොබ් වලට ඕකේද - 4 වෙනි පිටුවට"
"සුරාජ් මාපා වැඩිපුර ආස කොල්ලන්ටද කෙල්ලන්ටද - අද විශේෂ අතිරේකයෙන්"
"හිරුනිකා කුක්කු දීපු එක බලන්න - මැද පිටු දෙකෙන්"
"දාන මාන දුන්නට මටත් නගිනවා - ප්‍රියාන් කියපු කතාව - පස්සෙ පිටුවෙන්."
මේ ආකාරයට හෙඩ්ලයින් තොගයක් මුල් පිටුවේම තිබුනු අතර මේවා හෝම්ස්ට බලපාන්නේ කෙසේදැයි මා වික්ෂිප්ත වීමි.දැන් ඩේලි ටෙලිග්රාෆ් පුවත්පත කරන්නේ යූටියුබ් චැනල් කරන මල්ලිලා ටිකක් නිසා ඒවායේ හෙඩ්ලයින්ද ඉතා උද්වේගකර ස්වරූපයක් උසුලන බවක් පෙනුනි.ගිය සතියේ ඩේලි ටෙලිග්රාෆ් පුවත්පතේ ප්‍රධාන සිරස්තලය වූ " ඇමරිකා - ඉරාන යුධ තත්වය අතරේ තනිවූ ඉරාන ආච්චීට ඇමරිකන් සෙබලු වටවෙලා කරපු වැඩේ බලන්න" කියන එක දුටු සියළුදෙනා කුලප්පු වී පුවත්පත මිලදී ගත්තද එහි අන්තර්ගතය තිබුනේ ඇමරිකන් සෙබලුන් එකතුවී ඉරාන ආච්චිව අතින් අල්ලා පාර මාරු කරවූ සිද්දියකි.
"මොකක්ද හෝම්ස් මේ වෙලා තියෙන්නෙ.මේවට මොකටද උඹ බයවෙන්නෙ." මා ඇසුවේ කුතුහලයෙනි.
"වෙලා තියෙන්නෙ බොහොම භයානක දෙයක් මිත්‍රයා.මං දන්න තරමට හනුමා ලංකාව ගිනි තිබ්බට පස්සෙ මේ රංජා තමයි මෙච්චර සැරට ලංකාව ගිනි තිබ්බෙ.තව ටික දවසක් ගියාම රටේ එකෙක්ගෙවත් රෙදි ඉතුරුවෙන එකක් නෑ." හෝම්ස් කීවේ කලකිරීමෙනි.
පුවත්පත සම්පූර්ණයෙන්ම කියවා යූටියුබ් එකට ගොස් හඬපට ටිකත් ඇසූ පසු සිදුවීම පිළිබඳ පූර්ණ අවබෝධයක් ලබාගැනීමට මාහට හැකිවිය.හෝම්ස් දඩිබිඩි ගා ඩීවීඩී ටික ගිනි තිබ්බේ ඇයිදැයි වටහා ගැනීමටද මට හැකිවිය.
"දැන් මොකක්ද හෝම්ස් උඹට බයවෙන්න තියෙන්නෙ.ඇයි උඹ අවුලෙන් ඉන්නෙ." මම නැවතත් ඇසුවෙමි.
"ඇයි බං වොට්සන් උඹට මතක නැද්ද ශානි අබේසේකරගෙ සිද්දිය.ඒක විසඳන්න බාරගත්තෙ මමනෙ.ඒ වෙලාවෙ රන්ජා කීප වතාවක්ම මට කෝල් කලා." හෝම්ස් කීවේය.
"ශානි අබේසේකරගෙ මොන ගැටළුවද මට නම් මතක නෑ"
"ඇයි වොට්සන් මම හිතන්නෙ නෑ ඒක උඹට අමතක ඇති කියල.ශානි අබේසේකර කියන්නෙ ගෑණියෙක්ද මිනිහෙක්ද කියන ගැටළුව රට පුරාම මහ ව්‍යසනයක් විදියට පැතිරුණු කාලෙ මං ඒක විශිෂ්ට විදියට විසඳපු හැටි උඹට අමතක ඇති කියල මං හිතන්නෙ නෑ මිත්‍රයා." හෝම්ස් කීවේ නොරිස්සුම් ස්වරයෙනි.
"ඒ වුනාට ඒකෙන් මේකෙන් පේන්නෙ අධිකරණය ස්වාධීන නෑ කියල නේද හෝම්ස්." මම ඇසුවේ කලකිරීමෙනි.
"අධිකරණය කොහොමත් ස්වාධීන නෑනෙ වොට්සන්.පියුමි හංසමාලි වගේ රට බඩුවක් නීතියේ කන්‍යාවි උනාම." හෝම්ස් කීවේ මා මවිතයට පත් කරමිනි.
"ඒ කොහොමද හෝම්ස් එහෙම වෙන්නෙ."
"ඇයි බං ගොනෝ.සාමාන්‍ය මිනිස්සු උසාවියෙ නඩුකාරයට ස්වාමීනි කියල පුක දෙනව.ඒ ස්වාමියා රන්ජන්ට සර් සර් ගගා පුක දෙනව.රන්ජා පියුමිට බබා කිය කිය පුක දෙනව.ඉතින් ඔතන උසස්ම චරිතෙ පියුමි නේද.ඕකි තමයි අපි නොදන්න නීතියේ අංගනාවි.ඔක්කොම බැක්සයිඩ් ගේම් තමා වොට්සන්."
"බැක්සයිඩ් කිව්වමයි මතක් වුනේ.ඒ කියෙන්නෙ අර අශේනය ගෙනත් ෆෝම් කරපු අසහන ශෙනායාද බං." මම ඇසුවෙමි.
"හ්ම්ම්...ඕකිව දැකපු දවසෙම මං හිතුව වොට්සන් මේකි බැක්සයිඩ් භාණ්ඩයක් තමයි කියල.පෙන්නන්න කොච්චර තැන් තිබ්බත් ඕකි ඉස්සර ඉඳන්ම පෙන්නුවෙ පුකමයි.ඔක්කොම මාකටිං තමයි වොට්සන්.මතකද රෙනෝගෙ "බඩුත් එක්ක නත්තල්" පාටියට එක එක තැන් පෙන්නගෙන හෙලුවෙන් සෙට් එකක් ආවා.මට සැකයක් නෑ මිත්‍රයා.උන් ඔක්කොම තමන්ගෙ ගුද ව්‍යාපාරෙ ඇඩ්වර්ටීස්මන්ට් එක තමයි ඒ දැම්මෙ.මොනව උනත් ශෙනයා කියන එකී නම් හාෆ්ෂීට් එකක් වගේ කෙල්ලෙක්" හෝම්ස් කීවේ බීඩියක් දල්වාගන්නා අතරතුරය.
"ඒ මොකද හෝම්ස් උඹ එහෙම කියන්නෙ ඒකි සුදු නිසාද?"
"පිස්සුද වොට්සන්.විරංජනකාරක දාලා රසායන විද්‍යාවට පිංසිද්දවෙන්න සුදුවෙච්ච ඕකුන්හෙ සුද මට අදාලම නෑ මිත්‍රයා.මම එහෙම කිව්වෙ හාෆ්ෂීට් එක වගේ එකිගෙත් දෙපැත්තම පාවිච්චි කරන්න පුළුවන් නිසා." හෝම්ස් කීවේ දුම් වලලු යවන අතරතුරය.
"පියුමි හංසමාලිව අත්අඩංගුවට ගන්නවනම් හරි නේද හෝම්ස්." මම කීවේ තරහිනි.
"පිස්සුද වොට්සන්.ඒක වෙනවටනම් මං කොහොමවත් කැමති නෑ.මොකද ඕකි ලඟ තියෙන තොරතුරු රටේ බුද්ධි අංශ ලඟවත් නෑ.මේකිගෙන් විස්තර ගත්තොත් රටේම ඉන්න හොරු ටික අල්ලගන්න පුළුවන් වෙයි.එහෙම උනොත් උඹටයි මටයි විසඳන්න අමුතුවෙන් අභිරහස් ඉතුවෙයි කියල මං හිතන්නෙ නෑ වොට්සන්.අපේ රස්සාවටත් එකෙන්ම කෙලවෙනව.එහෙම උනොත් ගෑණු දෙන්නෙක් වගේ ඇඳගෙන යමං මරදානෙ පාලම උඩට නැත්නම් නාල කරලා යමං සුරාජ් මාපා හම්බවෙන්න." හෝම්ස් කීවේ දුරස්ථ පාලකයේ ප්‍රධාන බොත්තම ඔබා රූප පෙට්ටිය ඔන් කරමිනි.
රතුපාට කොටුවක් ඇතුලේ සුදුපාට මුරුක්කුවක් වැනි එකක් තිබෙන ලාංඡනයක් සහිත නාලිකාවක චතුර අල්විසා පත්තර ලොට්ටක් උස්සන් ඇවිත් උගේ හිතේ තියෙන ඒව අපිට කිය කිය සිටි අතර.සූර්යයාගේ අයිනකට කහපාට කොටු ගැට්ටක් ගැසූ ලාංඡනයක් සහිත නාලිකාවක රංගනයා පත්තර මිටියක් උස්සන් ඇවිත් රංජාව නෝන්ඩි කරමින් සිටියේය.වඩවඩාත් පුක ඉරාගන්නේ නැතුව මයිනහම දල්වාගන්නට හැකිවූ වයස්ගත කම්මල්කාරයෙකු මෙන් සතුටින් ඉපිලෙමින් සිටි ඔහු හැකි උපරිම වෙර යොදා රංජාව පජාත කිරීම සිදුකලේ ඒ වෙනුවෙන් වෙනමම අතීකාල දීමනාවක් ලබන ගූකන්නෙකු මෙනි.
හදිසියේම පහල මවතේ අපගේ නිවහන ආසන්නයේ අශ්ව කරත්තයක් නවත්වන හඬක් ඇසුනි.එකෙනෙහිම කලබල වූ හෝම්ස් වහා දිවගොස් ජනේලයෙන් එබී බැලුවේය.
"මේ උදේ පාන්දර මොන හෙනහුරෙක් එනවද මන්දා.අපි හැංගෙන්න ඕන වොට්සන්.රන්ජා එනවද දන්නෙ නෑ.මලකෙලියයි." හෝම්ස් කීවේ කලබලයෙනි.
"ඉතින් හඩ්සන් ගෑණිට කියපන් අපි නෑ කියන්න කියල." මම කීවෙමි.
"ඒ ගෑණි නෑ මිත්‍රයා.උදේම ගියා පොල් ජෝනා හම්බවෙන්න." හෝම්ස් කීවේ තරහෙනි.
ඒ අතර බර අඩි තියමින් කිසිවෙකු තරප්පු පෙල නැග ඉහලට එන හඬ ඇසුනු අතර හෝම්ස් ක්ෂණිකව පැන හඬ නොනැගෙන සේ දොරෙහි ලොක් එක දමා උඩ සොයිබයත් දමා දොරට පුටුවක් හේත්තු කර පුටුව මත මැටි මල් පෝච්චියක්ද තැබුවේය.පැමිණි අමුත්තා දොරට තට්ටු කලේ එවෙලෙහිය.හෝම්ස් කට උල් කර ඇඟිල්ලක් මුවට තබා නිශ්ශබ්දව සිටින ලෙස මට සංඥා කලේය.
"හෝම්ස් මහත්මයා...ඔබතුමාලා ඇතුලෙ ඉන්න බව මම දන්නවා.මට පොල් ජෝනා තමයි කිව්වෙ ඔබතුමාල ඇවිත් ඉන්නව කියල." අමුත්තා එලියෙ ඉඳන් උස් හඬින් කීවේය.හෝම්ස් නිශ්ශබ්දවම සිටියේය.
"මම ඔබලාට කරදරයක් කරන්න ආවෙ නැහැ මහත්මයා.මේක මහා ලොකු ගැටළුවක්.විසඳුමක් ලබාගන්නයි මං ආවෙ.පැහැරගැනීමක් හෝම්ස් මහත්මයා.භයානක පැහැරගැනීමක්." අමුත්තා කියනු ඇසිනි.
හෝම්ස්ගේ සැකය දුරු වූ බවක් පෙනුනි.හා හා පුරා කියා මුලින්ම ආපු වැඩේ මිස්කරගැනීමට තරම් හෝම්ස් මෝඩයෙක්ද සල්ලිකාරයෙක්ද නොවන බව මා දැන සිටියෙමි.
"කවුද තමුසෙ.??" හෝම්ස් උස් හඬින් ඇසුවේය.
"මම රෙනෝ." අමුත්තා කී පසු හෝම්ස්ට ඌරු ජුවල් නැග්ගේය.
"අප්පට නිදිවදින්න.එක එක ප#යලට මෙතන රෙන්න.තෝ හිතුවද යකෝ මේක ආණ්ඩුවෙ කක්කුස්සියක් කියල.අපිට හෝදන්න රීල යන්නද උඹ ආවෙ.කන පලාගන්නෙ නැතුව හොඳ හිතින් බැහු දොට්ට." හෝම්ස් ගුගුලේය.
"අනේ නෑ හෝම්ස් මහත්මයා තරහ ගන්න එපා.මගේ නම කිව්වෙ.මම රෙනෝ...රෙනෝ සිල්වා.මට ඔබතුමාව හමුවෙන්න ඇතුලට එන්න පුළුවන්ද."
දෙවන කොටසින් හමුවෙමු.
[මෙය මා විසින් ලියන ලද කතාවක් නොවන අතර මා විසින් මෙය ලබා ගත්තේ මරිජුවානා ෆීලින්ග්ස් ෆේස්බුක් පිටුවෙනි.කරුනාකර මෙවැනි රසවත් කතාවක් ඔබ වෙත ගෙන ඒම වෙනුවෙන් ඔහුට ලයික් එකක් දමා සහයෝගය පල කරන්න]