"ඒ ගැන අබමල් රේණුවක තරම්වත් සැකයක් තියාගන්න එපා හෝම්ස් මහත්මයා.බැරිවෙලාහරි මම රුන්නත් ඒව කන්නත් මිනිස්සු මගේ ලඟ ඉන්නව.මම රෙනෝ අපේ ශූදේවලා පඩ රංගනලා ඒව කනෝ." ඔහු දොරෙන් එලියේ ඉඳන් කීවේ කිසිම විලිලැජ්ජැවක් නැති මූසල ලිහිණියෙකු මෙනි.
අමුත්තාගේ වචනය ගැන යම්තාක් විශ්වාසයක් ඇතිවූ නිසාදෝ හෝම්ස් දොරට තැබූ පුටුවත් ඒ මත වූ මල් පෝච්චියත් ඉවත් කර දොර විවෘත කිරීමට කටයුතු කලේය.එකෙනෙහිම මා දුටුවේ තම ප්‍රියාදර ගෑණි ප්‍රසිද්ධ තට්ටයෙකු සමග බුදියගත් පසු එය මාට්ටු වුවද කිසිවක් කරගැනීමට නොහැකිව ෆුල් අන්දොස් වී සිටින සැමියෙකුගේ වැනි කඩුපුල් වී ගිය දැඩි කැළඹීමකට ලක්වූ මහත්මයෙකුගේ මුහුණකි.ඔහු සඳහන් කල යථොක්ත පැහැරගැනීමේ සිද්දිය ඔහුව කෙතරම් කැළඹීමට පත් කිරීමට හේතු වී ඇතිද වග ඔහුගේ මුහුණෙන් මනාව පැහැදිලි විය.
"ඇතුලට එන්න රෙනෝ මහත්මයා." හෝම්ස් කීවේ කාරුණික ස්වරයෙනි.
"මට වතුර එකක් දෙන්න ශුදේව." දැඩි කැලඹීමට ලක්වී සිටි අමුත්තා සිහිනෙන් මෙන් එය කිවේ පියවි සිහියෙන් නොවන බව අපට වැටහිණි.
"වොට්සන් ඉක්මනට වතුර එකක් දෙන්න මේ මහත්මයට." හෝම්ස් මට කීවේ අමුත්තාව අතින් වත්තන් කරගෙන රුපියල් හැත්තෑ පන්දහසකට සිංගර් එකෙන් ගෙවන්න ගෙනා ලොකු සෝෆා එක ලඟ ඇති කැඩිච්ච වැල් පුටුවේ වාඩි කරවන අතරතුරදීය.
"ආ...බ්..හෝම්ස් මහත්මයා.මට බ්‍රැන්ඩි ස්වල්පයක් දෙනවද." එවර රෙනෝ කීවේ පියවි සිහියෙනි.ඉස්සර මෙහෙට ආපු හැම ගොන් ලබ්බාටම බ්‍රැන්ඩි පුදන්නට යෑම නිසා හෝම්ස් කාලයක් සෑහෙන පාඩු වින්ද අතර හෝම්ස් ඒ ගොනා වික්කේ ගිය ආණ්ඩුවෙන් බඩු මිල යවා අපිත් බජාර් එකේ ලලක්කාගේ කසියා පාරට හුරුවූ මුල් සමයේදීය.නමුත් අමුත්තාගේ තත්වය දුටු හෝම්ස් කිසිවක් නොකියා ඔහුගේ පරීක්ෂණාගාර කාමරය වෙත ගියේ සන්සුන් ගමනෙනි.
අමුත්තා සුදු උස මහත හොඳට තෙල් මන්දෙ මෝරපු ඩයල් එකක් වූ අතර කළු කලිසමක් හා කලු කබායක් ඉතා ජැන්ඩියට ඇඳ පැලඳගෙන සිටියේය.කබායේ උඩ සාක්කුවේ ත්රිකෝණාකාරව නැමූ ලේන්සුවක් බාගෙට බස්සවා තිබුනු අතර මල් වට්ටියක් ඔලුවේ තබාගත්තාක් වැනි කර්ල් කොණ්ඩය අවුල් වී ගොස් තිබුනි.අමුත්තාගේ අත්වල ඝණ මඩ තට්ටුවක් තැවරී තිබුනු අතර ඒ කාට හෝ මඩ ගැසීම නිසා විය හැකි බව මා නිගමනය කලෙමි.
හෝම්ස් පරීක්ෂණාගාර කාමරයේ සිට බ්‍රැන්ඩි කොටයක් කුඩා අශෝක වීදුරුවක්ද සමග රැගෙන විත් අමුත්තාට ලබා දුන්නේ එවෙලෙහිය.අපිත් කසිප්පු බොන මෙවැනි කෝඩ සමයක කොහෙවත් නැති ගොබ්බෑසියන්ට ගහන්න බ්‍රැන්ඩි කොට හංගගෙන ඉඳපු හෝම්ස් කෙරෙහි මට ඇතිවූයේ කෝපයකි.
"ඈ බං.කොහෙද මේ බ්‍රැන්ඩි කොටේ තිබ්බෙ.තොට පිස්සුද හු#තෝ මේක මූට පුදන්න." මම හෝම්ස්ගේ කනට කර තරහින් කීවෙමි.
"තෝ හිතුවද භල්ලෝ මං මොලේ නැති ගොනෙක් කියල.අපි බෝඩිම දාලා සියඹලංගොඩකඩුවෙ යන්න කලින් දවසෙ රෑ ගහල ඉතුරුවුන කසිප්පු බාගයක් ග්‍රොසරි කවරෙක දාල ගැටගහල මං මගේ පරීක්ෂණාගාරෙ මී කූඩුව ඇතුලෙන් තියල තිබ්බා.හිස් බ්‍රැන්ඩි බෝතලයක් හොයාගෙන ඒකට අරක දාල තමයි මූට මේ ගෙනැත් දුන්නෙ." හෝම්ස් මට රහසින් කීවේ අමුත්තා ඩෝසරේට ඩීසල් ගසන්නාක් මෙන් හෝම්ස්ගේ බ්‍රැන්ඩි බෝතලය අවසන් කරන අතරතුරය.
"ඇත්තමයි හෝම්ස් මහත්මය මේක සුපිරි බ්‍රෑන්ඩ් එකක්.කොහෙන්ද මේ රටින් එවපු එකක්ද." ඔහු ඇසුවේ බෝතලය හිස් කර මූඩිය ලෙවකන අතරතුර.
"ඔව් ඕක හැලී කියල බ්‍රෑන්ඩ් එකක්.දන්කොටු වලින් තමයි ඉම්පෝට් කලේ." හෝම්ස් කීවේ උජාරුවෙනි.
"බොහොම ස්තූතියි හෝම්ස් මහත්මයා.දැන් මට දැනෙනව මම පියවි සිහියට එමින් පවතිනව කියල." රෙනෝ කීවේ සතුටිනි.
"හරි එහෙනම් රෙනෝ මහත්මයා මං කැමතියි ඔබතුමා මෙහි ආපු කාරණාව දැනගන්න." හෝම්ස් කීවේය.
"මං දන්නෙ නෑ හෝම්ස් මහත්මයා මේක කොහොම විස්තර කරන්නද කියල.මේක අපි හිතපුවත් නැති විදියෙ දරුණු පැහැරගැනීමක්.පැහැරගැනීමට ලක්වුනේ මගේ ලඟම හිතවතෙක් හෝම්ස් මහත්මයා.ඔහු නමින් බැස්ක විල්සන් සිටුතුමා.ඔහු මගේත් මගෙ වැඩිමහල් සහෝදරයින් දෙදෙනාගෙත් බාල සහෝදරයින් දෙදෙනාගෙත් හොඳ හිතවතෙක්." රෙනෝ පැවසුවේ බිඳුනු ස්වරයෙනි.
"කවුද ඔබේ සොහොයුරන්.මට ඔවුන් ගැන පොඩ්ඩක් සඳහනක් කරන්න පුලුවන්ද මහත්මයා." හෝම්ස් කීවේ සිය සටහන් පොත ජොකා අස්සෙන් එලියට ගනිමිනි.
"ඔව් පුළුවන් මහත්මයා.මගේ වැඩිමල්ම සහෝදරයා රීලා සිල්වා.ඔහු ඉන්නෙ අසර්බයිජාන් වල, කොත්තු බාස් වරයෙක් විදියට හොටෙල් ද නානාස් එකේ වැඩ කරනවා.දෙවනියා රෙමින් සිල්වා.ඔහු කන්තලේ යාය හතරෙ තුන්මන්හන්දිය ගාව බීට්ල්ස් ඇන්ඩ් පුවක්ස් ෂොප් එකේ අධිපතිතුමා විදියට කටයුතු කරනවා.තුන්වැනියා මම කොන්ත්රාත්වලට මඩ ගහන කොම්පැනියක විධායක අධ්‍යක්ෂක විදියට වැඩ කරනවා.මගේ ලොකු මල්ලි රුන්නා සිල්වා, ඔහු තමයි තඹුත්තේගම බස් නැවතුම්පොලේ වැසිකිලි සංකීර්ණෙ ටෙන්ඩර් එක අරගෙන ඒක පවත්වගෙන යන්නෙ.බඩපිස්සා කුඩුදුමී සිල්වා.ඔහු ඉස්සර නම් පොඩි පොඩි පව්ඩර් වර්ග ලොකුවට විකුණගෙන හිටියා.ඒත් දැන් එයා සෑන්ඩ්ෂොප් වල රජයේ නේවාසිකාගාරයේ සැපපහසු තාවකාලික විශ්‍රාම ජීවිතයක් ගත කරනව." රෙනෝ විස්තර කලේය.
"ඔබේ කතාව දිගටම කරගෙන යන්න රෙනෝ මහත්මයා." හෝම්ස් කීවේ ඔහුට ගමගේ තෝර බීඩියක් ප්රදානය කරන අතරතුරය.
"බැස්ක විල්සන් සිටුතුමා කියන්නෙ කාටවත් කරදරයක් නැති වි.ජ.මු. ලොකුබණ්ඩාර වගේ ඉතාම අහිංසක මනුස්සයෙක් හෝම්ස් මහත්මයා."
"සමාවෙන්න...මොකක්ද වි.ජ.මු.කියන එකේ තේරුම." හෝම්ස් ඇසුවේය.
"ඒකෙ තේරුම විසික්කල ජංගි ඇඳි මුත්තා කියන එකයි හෝම්ස් මහත්මයා." හෝම්ස් එය වහ වහා සටහන් කරගත්තේය.
"බැස්ක විල්සන් සිටුතුමාට ඥාතීන් කවුරුවත් හිටියෙ නෑ මහත්මයා.ඔහු වයසට ගියත් තාම තනිකඩයා.වටේම ගෑණුන්ට බබා කිය කිය ඈස් ෆක් දදා ඉන්න එක තමයි ඔහුගේ විනෝදාංශය උනේ.හැබැයි ඔහුට හිතවතුන් බොහෝ පිරිසක් හිටියා.මැති ඇමතිවරු,පොලීසියෙ ඉහල නිලධාරීන්,නඩුකාරවරු,හොරු,බඩු,සමනලයො,නලු නිලියො,ටොයියො,ජෙප්පො,කුඩ්ඩො වගේ විවිධාකාර මිනිස්සු කුලකයක් ආශ්‍රය කරපු කෙනෙක් තමයි ඔහු.ඒත් ඔහුට ඔහුගේ කියන්න කවුරුවත් හිටියෙ නෑ.මාදිවෙල සිටු නිවාසෙ තනියම තමයි එතුම හිටියෙ.මහලු නිවාස අනාත නිවාස ගණිකා නිවාස මේ හැම එකකටම ආධාර කරගෙන බොහොම ගෞරවනීය ජීවිතයක් තමයි ඔහු ගතකලේ.නමුත් ඔහුගෙ ලොකු දුර්වලතා කිහිපයක් තිබුනා.ඔහුට තිබුනෙ කිරිවත්තුඩුව කම්මලෙ සුගත් අයියගෙ පුට් සයිකලේ බැක්සයිඩ් එකේ රෝදෙ වගේ බ්රේක් පොඩ්ඩක්වත් නැති මූසල හැකර කටක්.කොහෙහරි ගියොත් අනිවාරෙන් මී හරක් කතාවක් කියල හු#ගෙන එන පුරුද්දක් ඔහුට තිබුනා.ඒ වගේම ඔහුට ගෑණුන්ගෙ පු#වල් පේන්න බෑ.ඇත්තෙන්ම ඔහු පුක් කාන් කෙනෙක්." රෙනෝ විස්තර කරගෙන යන අතරතුර කිසියම් පුද්ගලයෙකු අපගේ තරප්පු පෙල නැගගෙන එන ශබ්දයක් ඇසිනි.ඒ හයි හීල්ස් දැමූ කාන්තාවක් බව හෝම්ස් නිගමනය කර කීවේය.මද වෙලාවකින් විවෘත වූ දොරෙන් අපගේ කාමරයට පිවිසියේ පට්ට කෑල්ලකි.කලු කොට ගවුමක් බට් එක පේන ආකාරයට ඇඳගෙන සිටි ඇය අතේ ට්‍රේ එකක් තබාගෙන සිටි අතර එහි තේ කෝප්ප 3ක්ද කේක් කෑලි කිහිපයක්ද ගෝල්ලිප් 2ක්ද තිබෙන බව මා දුටුවේ ඇගේ ගැ# දෙක දිහා බැලූ මොහොතේය.හෝම්ස්ද ෆුල් අන්දොස් වී කොර වී සිටියේ මේ පට්ට කෑල්ල කවුරුන්ද යන්න කිසිම නිරීක්ෂණයකින් තහවුරු කරගැනීමට නොහැකි වීම නිසාය.
"හෝම්ස් මහත්මයලට මහන්සිත් ඇතිනෙ.මං ඔබතුමාලට තේ ගෙනාවා." අපගේ සියලුම බලාපොරොත්තු බිඳ වැටුනේ අ# පාරක් ගසමින් සිටියදී තාත්තාට මාට්ටු වූ ඕලෙවල් ශිෂ්‍යයෙකුගේ ඩික් එක පහලට වැටෙන්නාක් මෙනි.ඒ වෙන කිසිවෙකුත් නොව අපේ බෝඩිමේ ගෑණි හඩ්සන් මහත්මියයි.මේ හු#තීට මොනයම් පk අමාරුවක් හැදිලාදැයි වටහාගැනීමට අපට නොහැකි විය.කිලෝමීටර් 4ක් පමණ ඝණකම් මේකප් තට්ටුවක් මුහුණට දමා තිබුනේ මූණට රම්බො පිහියකින් ඇන්නත් කිසිම අනතුරක් නොවී ආරක්ෂා විය හැකි පරිදි වන බව බැලූ බැල්මට පෙනෙන්නට තිබිනි.ඇයගේ මුහුණේ තිබෙන පොල් පැල සිටුවීමට කපන පොල් වලවල් වැනි වලවල් සියල්ල පොටි ගසා මැද තිබුනු අතර මුහුණේ ඇති තොල්වල රතු ආලේපනයක් ගල්වා තිබුනේ මිනීමස් කෑ විශ්‍රාමික පරාස්සයෙකුගේ මෙනි.බට් එක පෙනෙන සේ කළු කොට ගවුමක් ඇඳ කකුල්වල මවිල් බා සිටියේ කලින් කවුරුන් හෝ කෝල් කර එලෙස කරන ලෙස කීවාක් මෙනි.සැලෝන් වල ඉඳන් නාකි ගෑණුන්ට මේකප් දමා අපිව මුලා කරවන ලොන්ත පකයිලාගේ පු#ට බැලස්ටික් මිසයිලක් බැස්සුවත් හිත්වදින්නේ නැති බව හෝම්ස් මගේ කනට කර කීවේය.
"රෙනෝ මහත්මයා ආපු නිසා මම ඔයාටත් එක්කම තේ හදාගෙන ආවා." හඩ්සන් ගෑණි කීවේ ට්‍රේ එක ස්ටූල් එක මත තබා එතන තිබූ ලී පුටුවේ වාඩිවෙමිනි.ගෑණි රබර් පු#ක් දමාගෙන සිටින බව අපට වැටහුනේ පුටුවෙන් වාඩිවෙන මොහොතේ ඇසුනු 'පොක්' ශබ්දය නිසාය.
"බොහොම ස්තූතියි මහත්මිය.ඔබ ගොඩක් කරුණාවන්ත කෙනෙක් කියල පේනවා." රෙනෝ කීවේ හඩ්සන් ගෑණිගේ බට් එක දිහා බලමිනි.
හඩ්සන් ගෑණි ඉතා රසවත් ස්ට්‍රෝබෙරි කේක්ද මිල අධික සිලෝන් ටී වර්ගයක් වන ඉතා රසවත් රෝයල් රිච්මන්ඩ් වර්ගයේ තේද අපට සාදා ගෙනැවිත් තිබුන අතර ඇයගේ අතේ අලුත් බැක් කවරයක් දැමූ ජංගම දුරකථනයක්ද තිබෙන බව පෙනෙන්නට විය.
"හඩ්සන් මහත්මිය කොහෙද ගියේ." හෝම්ස් ඇසුවේ තේ බොන අතරතුරය.
"මම අද ගියා අපේ කොකනට් ජෝන් මහත්මයව හම්බවෙන්න.ඔහු තමයි අද මට මේ ෆෝන් එකත් තෑගි කලේ.මේක ගොඩක් වටින ස්ට්‍රෝබෙරි ෆෝන් එකක්.බැක් කවර් එකත් එයා තමා අරන් දුන්නෙ.ඇත්තටම ඔහු දක්ෂ ජවසම්පන්න පුද්ගලයෙක් හෝම්ස් මහත්මයා." හඩ්සන් ගෑණි කීවේ ඇඹරෙමිනි.
අද මෙච්චර දේවල් හදාගෙන ඇවිත් අපිට පු# දෙන්නට තරම් හඩ්සන් ගෑණිගේ ලෝබකම නැතිවුනේ වෙන කිසිවක් නිසා නොව රෙනෝ කාරයා ආපු සීන් එක නිසා බවත් ගෑණි ජෝන් අමරතුංගයි හම්බවෙන්න ගිය එක ගැන ගොසිප්ස් සොයා තමාගේ මඩ කොම්පැනියෙ ගූ කන්නන් ලවා ඇයටත් ජෝන්ටත් මඩ ගැසීමේ චේතනාවෙන් රෙනෝ මෙහි ආ බව ඇය සිතන්නට ඇති බව රෙනෝ කාරයා මෙහි ආ බව කේලම්කාර තණ්ඩලේ මාමාගෙන් ඇය දැනගන්නට ඇති බවත් හෝම්ස් නිගමනය කර මට කීවේ හඩ්සන් මහත්මිය රෙනෝ සමග කයියක් දාගෙන සිටින අතරතුරය.මද වෙලාවක් අප සමග කතා කරමින් සිටි හඩ්සන් මහත්මිය පිටව ගිය පසු හෝම්ස් නැවතත් රෙනෝගෙන් බැස්ක විල්සන් සිටුවරයා ගැන තොරතුරු විමසීම ආරම්භ කලේය.
"බැස්ක විල්සන් සිටුතුමාගෙ පෙනුම මොන වගේද මහත්මයා." හෝම්ස් ඇසුවේය.
"ඔහු සාමාන්‍යයෙන් අඩි 6ක් පමණ උස තරමක් දිග රැවුලක් සහ දිගට වැවූ කොණ්ඩයක් තියෙන අගල් 8ක පමණ ඩික් එකක් තියෙන පාංශුදේහදාරී පුද්ගලයෙක් හෝම්ස් මහත්මයා."
"ඔබ කොහොමද ඔහුගෙ ඩික් එක ගැන දන්නෙ." හෝම්ස් ඇසුවේ විමතියෙනි.
"දවසක් ඔහු චැට් කරන ගමන් ඩික් එකේ ෆොටෝ එකක් අපෙ වයිෆ්ට එවල තිබුනා"
"ඇයි ඔබ මගෙ වයිෆ් කියන්නෙ නැතුව අපෙ වයිෆ් කියල පාවිච්චි කලේ රෙනෝ මහත්මයා"
"ඒක තරමක් දිග කතාවක් හෝම්ස් මහත්මයා.කිය කිය ඉන්න බෑ.වීඩියෝ කිහිපයක් ඇති.මං ඒ ටික වට්ස්ඇප් වලින් පස්සෙ එවන්නම්."
"හරි එතකොට කවදද මේ පැහැරගැනීම සිද්දවෙලා තියෙන්නෙ"
"ඒක හරියටම දන්නෙ නෑ හෝම්ස් මහත්මයා.පොර සාමාන්‍යයෙන් ක්ලබ් වලට ගිහින් එලිවෙනකන් නිදි නැතුව ගෑණු එක්ක ආතල් දාන චරිතයක්.සමහර වෙලාවට පන්දාහෙ කොල මිටි මිටි බෑග් වලට දාගෙන ගිහින් වියදම් කරනවා.එතන ඉන්න ගෑණුන්ට සල්ලි මිටි මිටි දෙනව බිල් එක පේ කරල එන්න කියල.අනේ ඉතින් ෂෝ එකනෙ හෝම්ස් මහත්මයා.පහුගිය කාලෙ ඔහු ගොඩක් ඩ්‍රග්ස් වර්ග ගන්නත් පුරුදුවෙලා හිටියා.ඒකෙන් තමයි ඔහුගෙ මුහුණ හකු බැහැල පොඩ්ඩක් මිනී ඔලුවක් වගේ වෙලා තිබ්බෙ.ඒත් දැනට සතියක විතර ඉඳන් ඔහු ආගිය අතක් නැහැ.ඒ නිසා මමයි චූලක්ෂියි වොෂින්ටන් සුන්දරුයි මාදිවෙල සිටු භවනට ගියා ඔහුව හම්බවෙන්න.ඒත් ඔහු හිටියෙ නැහැ.ඔහුගෙ අල්ලපුගෙදර ඉන්න කාමේශ්වරී මදනමෝදනී මහත්මිය තමයි කිව්වෙ සුදු වෑන් එකකින් ආපු පිරිසක් ඔහුව බලෙන්ම වගේ එක්කගෙන ගියා කියල.ඒත් ඇයටත් ඒ දවස හරියටම මතක නෑ කිව්වා.ඇය හිතල තියෙන්නෙ සිටුවරයෙගෙ යාළුවො ටිකක් ආතල් එකට කරපු වැඩක් වෙන්න ඇති කියල."
"මේක බොහොම සංකීර්ණ ගැටළුවක් වොට්සන්.ඒ වගේම අපි මේක භාරගන්න බවත් ඔබට කිව යුතුයි රෙනෝ මහත්මයා.දැන් ඔබේ යුතුකම කරලා ඔබ යන්න.මම මේකට උපරිම සාධාරණයක් කරන්න පොරොන්දු වෙන්නම්." හෝම්ස් කීවේ සිය කබායේ උඩ සාක්කුව පිරිමදිමිනි.
"මොනවද හෝම්ස් මහත්මයා මගෙන් වෙන්න ඕන යුතුකම්" රෙනෝ ඇසුවේ බබා වෙමිනි.
"ඔබට පුළුවන් බුලත් කොලේක ඔතල යම් අත්තිකාරමක් මගේ මේසෙ උඩින් තියල යන්න." හෝම්ස් කීවේ සටකපට අයුරිනි.
වහාම චෙක් පොත එලියට ගත් රෙනෝ විසින් චෙක් පතක් ලියූ අතර එය මේසය මතින් නොතියා අප දෙස බැලුවේ අසරණ ලෙසිනි.
"බුලත් කොලයක් තමයි ප්‍රශ්නෙ හෝම්ස් මහත්මයා."
"ආ ඒකට කාරි නෑ රෙනෝ මහත්මයා.ඔය චෙක් එක රුපියල් පන්සීයෙ කොලේක ඔතල තියන්න.මං ඒකෙන් බුලත් කොල ටිකක් ගන්නම්." හෝම්ස් කීවේය.
"ඒත් මං සල්ලි ලඟ තියාගෙන්නෙ නෑනෙ හෝම්ස් මහත්මයා.මගේ ලඟ තියෙන්නෙ කාඩ්ස් චෙක් බුක්ස් විතරයි."
"ඉතින් ඔයා බබා නෙවෙයිනෙ.තව රුපියල් පන්සීයක චෙක් එකක් ලියල ඒකෙ ඔතල තියන්න ඕක." හෝම්ස් කීවේ සිනාසෙමිනි.හෝම්ස් යනු ඉරාජ් වැනි මාකටින් පප්පෙකි.හෝම්ස්ගේ දකුණු අත්ලන්තික් චාරිකාවේදී ඔහු ඇන්ටාක්ටික් ඇස්කිමෝවරුන්ට අයිස් ක්‍රීම් සහ පතෝල හොඳි විකුණූ බව ඔහුගේ දිනපොතේ තිබී මා දිනක් කියවූවා මතකය.
එම කටයුත්ත අවසන් වූ පසු රෙනෝට නැවත යෑමට හෝම්ස් විසින් අශ්ව කරත්තයකට ඌබර් එකක් දමා සෙට් කර දුන් අතර තණඩලේ මාමා දැන් ටිකකට කලින් දික්වැල්ලේ පුංචි අම්මලාගේ ගෙදර යන්නට පිටත්ව ගොස් තිබූ නිසා එයට ආවේ වීල් පාක් එකේ මහ එපාම කරපු ඩෑල් එකක් වූ රෆායෙල් නඩාල්ය.රෙනෝ සමග හෝම්ස් සහ මාද ගේට්ටුව අසලට ගියේ ඔහුට සමු දීමටයි.
"එහෙනම් මං ගිහින් එන්නම් හෝම්ස් මහත්මයා.මට ඉක්මනට මේක විසඳල දුන්නොත් ඔබට බොහොම පින්." රෙනෝ කීවේ අශ්ව කරත්තයට නගින අතරතුරය.
"හරි ඔබ ඒ ගැන සැකයක් තියාගන්න එපා."හෝම්ස් කීවේ විශ්වාසවන්ත අයුරිනි.
"මහත්තයා.බැක්සයිඩ් ඕකේද?" අශ්ව කරත්තයේ රියදුරු නඩාල් ඔලුව එලියට දමා ඇසුවේ හෝම්ස්ගෙනි.එක්වරම එයට හෝම්ස්ට යකා ආවේශ විය
"මොකද්ද හු#තා උඹ කිව්වේ.." හෝම්ස් ගුගුලේය.
"අනේ නෑ හෝම්ස් මහත්මයා.පොඩ්ඩක් බැක්සයිඩ් එක ඕකේද කියනවද පොඩි රිවස් එකක් ගහගන්න.ගිය සතියෙ බයික්කාරයෙක් වද්දල මේකෙ සයිඩ් කන්නාඩිය කඩල දැම්මනෙ." නඩාල් කීවේ බයාදු ලෙසිනි.
"බැක් සයිඩ් ඕකේ නෙවෙයි බැක් සයිඩ් මේකෙ.සරම උස්සල පොඩ්ඩක් රිවස් ගහල බලපන් පොල් කුඩු තියෙනවද කියල." තරහින් ගිගිරූ හෝම්ස් ගස්සා දමා ගේ ඇතුලට ගිය අතර.නඩාල්ට අශ්ව කරත්තය රිවස් කර ගැනීමට මා උදව් කලෙමි.ඔවුන් පිටත් වී ගිය පසු මා ඉහත මහලට ගියෙමි.ඒ යන විටත් හෝම්ස් සිටියේ සැර පාරක් ඔතමිනි.
තෙවන කොටසින් හමුවෙමු.
[මෙය මා විසින් ලියන ලද කතාවක් නොවන අතර මා විසින් මෙය ලබා ගත්තේ මරිජුවානා ෆීලින්ග්ස් ෆේස්බුක් පිටුවෙනි.කරුනාකර මෙවැනි රසවත් කතාවක් ඔබ වෙත ගෙන ඒම වෙනුවෙන් ඔහුට ලයික් එකක් දමා සහයෝගය පල කරන්න]