ශ්‍රීමත් මරිජු ආතල් කොනෙන් ඔයිල්ගේ _ බැස්කවිල් සන් සිටුවරයාගේ පැහැරගැනීම _ Epi.#3

හෝ
ම්ස් එතූ පාර ඉතා සැර එකක් වූ අතර ඌ එයට සැන්ඩියට දමා තිබුනේ වැනිලා සුරුට්ටුවකින් කැපූ දුම්කොළ කොටසකි.කිහිප වතාවක් කැස්ස ආවද පාර මගහැරීමට මා අකමැති වූයේ වද්දගැනීමට තිබූ දැඩි මලපෙරේතකම නිසාය.ලන්ඩනයම ගිනි ගන්නා තරමට දැඩි උණුසුම් කාලගුණ තත්වයක් ඇතිවී තිබුනු අතර උදේ සෝදා වැලට දමා තිබූ ජොක්කු තුනෙන් දෙකක්ම උණුවී වාෂ්ප වී ගොස් තිබිණි.පූරුවේ පිනකට මෙන් එක ජොකෙක් බේරී තිබුනේ එය හුලඟට ගසාගෙන ගොස් හඩ්සන් මහත්මියගේ මාළු ටැංකිය ඇතුලට වැටී තිබූ නිසාය.එහි සිටි ගෝල්ඩ්ෆිෂ් වර්ගයේ මාළුවෙක් සහ ගෝල්ඩ්ලීෆ් වර්ගයේ මසුන් දෙදෙනෙක් ටැංකියේ උඩ පාවෙමින් තිබුනු අතර මා එය නොදැක්කාක් මෙන් මගේ ජොකා රැගෙන සැනෙකින් එතනින් මාරු වීමි.දැඩි උණුසුම නිසා හෝම්ස්ගේ ඩෙනිමක්ද වාෂ්ප වී ෂෝටක් බවට පත්වී තිබුනු අතර හෝම්ස් එය අල්ලපුගෙදර සමපෝෂ මල්ලීට ත්‍යාගයක් ලෙස පරිත්‍යාග කලේ ෂෝටවල් ඇඳන් ගල එලියෙ දාගෙන ලන්ඩනය පුරා ඇවිදීම ලැජ්ජා සහගත ක්‍රියාවක් ලෙස ඔහු සැලකූ නිසාවෙනි.
"ඇත්තමයි වොට්සන් මට හිතෙනව මේ තියෙන රස්නෙත් එක්ක බැස්කවිල්සන් සිටුවරයා රත්වෙලා වාෂ්ප උනාවත්ද කියල." සිය ජනප්‍රිය හාන්සි පුටුවේ බාගෙට තැලූ තලගොයෙක් මෙන් දැප දමා සිටි හෝම්ස් කීවේ වේදනාවෙනි.
"ඔව් ඕයි.කැ# රස්නෙයක්නෙ තියෙන්නෙ.සිංගර් එකෙන් අලුත්ම ඒසී එකක්වත් ගේමුද." මම කීවෙමි.
"ඒසී එකක් ගේන්න කලින් මගෙ පීසී එක හදාගන්න ඕන බං.වැලක්වත් බලන්න විදියක් නැතුව එපාවෙලා ඉන්නෙ." හෝම්ස් කීවේ ගමගේ තෝර බීඩියක් දල්වන අතරතුරය.
"උඹ නාකි වෙනකන් වැල් බල බල ඉඳපං.බලපන් අර හඩ්සන් ගෑනිටත් දැන් බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා." මම කීවෙමි.
"අනුන්ට හරියනව දැකල ඉරිසියාවෙ පැලෙන දාහක් මිනිස්සු අතරෙ වැලක් බලාගෙන අතවනන්නෙ මම අනුන්ගෙ සතුට දැකල සතුටුවෙන්න පුළුවන් මිනිහෙක් නිසා වොට්සන් .ඒක ගැන මට ගොඩක් ආඩම්බරයි." හෝම්ස් කීවේ උජාරුවෙනි.
"ටෞකණ්ඩ හෝම්ස් ඒ උනාට හඩ්සන් ගෑණි මේ නටන ජෞසම නම් ඉක්මනට නවත්තන්න වෙනව බං.දැන් මේරිත් වැඩිය කැමති නෑ මං මෙහෙ එනවට.පාරමිත් මැසේජ් කරන්නෙ නෑ මට මේ කේස් එක නිසා."
"නොකිව්වට මටත් එපාවෙලා තියෙන්නෙ වොට්සන්.බෝගහවත්තෙ වීල් පාක් එකේ කොල්ලො දැන් අපිටත් පදේ හදල තියෙන්නෙ.මං කිව්ව හඩ්සන් ගෑණිට.කොහෙද ඒ නාකි වලාම අහන එකක්යැ.බැරිම උනොත් හෙට අනිද්ද හොඳ නැකතක් බලලා ෆේස්බුක් එකේ කැලෑ පත්තර පාරක් ඇරලා දානව දෙන්නටම සුන්නෙ වෙලා යන්න." හෝම්ස් කීවේ තරහෙනි.
හඩ්සන් මහත්මිය සහ ජෝන් අමරතුංග අතර තිබූ හැට නමවෙනි කුළුඳුල් අනියම් ප්‍රේම සම්බන්ධතාවය ගැන හෝම්ස් කිහිප වරක්ම ඇයට දෝෂාරෝපණය කර තිබුනද ඇය කිවේ තමාට ඔක්සිජන් නැතුව ජීවත් විය හැකි වුවත් ජෝන් නැතුව දවසක්වත් සිටීමට අපහසු බවයි.ජෝන්ද ඒ කතාවම මාධ්‍යට පවසා චාටර් වී තිබූ බව අප දුටුවේද ෆේස්බුක් එකෙනි.පොල් ජෝනා විලේජ්ෆයිව් ප්‍රාන්තයේ පොරක් වූ අතර හඩ්සන් මහත්මියටද ඒ පැත්තේ සම්භවයක් තිබෙන බව දිනක් ඇය අප හා කිවේ ටොයිලට් එක සෝදන අතරතුරය.ඒ හඩ්සන් මහත්මියගේ ආච්චී පඩ්සන් මහත්මියගේ හොර මිනිහා විලේජ්ෆයිව් වල කඩොලාන කැලේ කපා සෑදූ සුවිසල් ක්‍රීඩාංගනයේ තණකොළ කපන ඩෑල් එකක් වූ නිසාය.හඩ්සන් මහත්මිය සහ පොල් ජෝනා යන දෙදෙනාටම විලේජ්ෆයිව් ප්‍රාන්තයේ සම්භවයන් සහිත නිසා ඔක්සිජන් අදාලම නැති වුවත් මෙවනි කේප්ප වැඩ කිරීමෙන් හෝම්ස්ගේ අපරාධ පරීක්ෂණ බිස්නස් එකටත් සෑහෙන පාඩුවක් වන බව පවසමින් හෝම්ස් ඇයට කෙතරම් ගතු කීවත් ඇය පවසා තිබුනේ ඔච්චර ගායක් තියෙනවනම් වෙන බෝඩිමක් හොයාගනින් හු#තෝ කියාය.
"ඒ ගෑණි නිසා අපෙත් නම චාටර් වෙනව හෝම්ස්.හරි වේදනයි මට." මම කීවෙමි.
"හරි හරි උඹ ඉඳපංකො මං වැඩක් දෙන්නම් උන්ට.ආ...ඒක නෙවෙයි අන්න රාක්කෙ ඇති පොඩි කෑමක්.ගනින්." හෝම්ස් කීවේ ඔහුගේ අටකලංපන්න රාක්කය දෙසට ඇඟිල්ල දිගු කරමිනි.
වූහාන් වල සිට පැමිණි හෝම්ස්ගේ මිත්‍රයෙක් කෙසෙල් ඇවරියක් සහ අග්ගලා පාර්සලයක් එවා තිබිණි.හෝම්ස්ගේ ෆෝන් එකට මහජන බැංකුවෙන් ඇලර්ට් එකක් ආවේ අපි ඒවා කමින් කහට බොන අතරතුරය.
"හරි මචං.රෙනෝ සල්ලි දාලා.අපිට එහෙනම් පරීක්ෂණය පටන්ගන්න කාලෙ හරි වගේ.ඉක්මනට ලෑස්ති වෙයන්.අපි යමු මාදිවෙල බැස්කවිල්සන් සිටු මැදුරට." හෝම්ස් කීවේ ප්‍රීතියෙනි.
හෝම්ස්ගේ වූහාන් මිතුරා එවූ අග්ගලා ගුලියක් මා අතින් බිම වැටීම නිසා බිමට ඇල්ලූ ටයිල් කැටයක් ලාවට පිපිරී ඉරිතලා ගිය අතර බිමට දැමූ බුමුතුරුණ පොඩ්ඩක් මෙහාට ඇද එය කවර් කිරීමට මා සමත් වීමි.හඩ්සන් මහත්මියගේ ඇස් පෙනීම දුර්වල වුවත් මේ වගේ ඒවා ඒ ගෑණි කන් දෙකෙන්හරි දකින බව මා ඉන්තේරුවෙන්ම දැන සිටියෙමි.කිරි ආත්තා පොඩි කාලේ මුණමල් පොතු ලේප යොදා බලෙන් මද්දවා ශක්තිමත් කල චාර්වක දත් වලට පින්සිද්දවන්නට මා අමාරුවෙන් අග්ගලාවක් කා ගත්ත අතර ඉතිරි ටික හෝම්ස් ඔතා අරන් තිබ්බේ බ්‍රිතාන්‍ය රාජකීය කාලතුවක්කු බලගනය පැත්තෙ යන වෙලාවක ඒකට පරිත්‍යාග කිරීමටය.බැස්කවිල්සන් සිටු මැදුරට යාමට ජැන්ඩියට ලක ලැහැස්ති වූ පසු හෝම්ස් අශ්ව කරත්තය බුක් කරගැනීමට තන්ඩලේ මාමාට දුරකථන ඇමතුමක් ලබාගත් අතර මාද හෝම්ස්ගේ වෛවර්ණ කමිසයක් ඇඟලා ගමනට ලැහැස්ති වීමි.හෝම්ස්ගේ ධනවත් මිතුරන් ඔහුට වටිනා ඇඳුම් පැලඳුම් තෑගි කරන නිසා ඔහු සතුව මනරම් අඳුම් කලෙක්ෂන් එකක් තිබූ අතර හෝම්ස්ගේ ජේවීපී මිතුරන් ඔහුට එලවලු සහ වියලි සලාක වැනි දේද පරිත්‍යාග කලෝය.බටහිර ඉන්දිය කොඳෙව්වන්ට එරෙහි දෙවන ටීටුවෙන්ටියෙන් පසු නැවත පෘථිවිය කරා පැමිණි මෙන්ඩිස් ෆෑන්ස්ලා ප්‍රමුඛ සිලෝන් ක්‍රිකට් ෆෑන්ස්ලා රැගෙන ඒට තණ්ඩලේ මාමා උස්සන්ගොඩට හයර් එකක් ගොස් තිබූ නිසා කේ.ජී.ප්‍රියන්තගේ සුදුපුතා අශ්ව කරත්තය සෙට් කරගැනීමට හෝම්ස් සමත් විය.
දැඩි අවු රෂ්මියක් තිබූ නිසාත් අශ්ව කරත්තයේ ඒසී එකට රටකජු පොතු ගොස් ඒක වැඩ නොකල නිසාත් ලන්ඩන් දුම්රිය පොලට ලඟා වනවිට හෝම්ස්ටත් මටත් හෙන දාඩිය පොල්ලක් දමා තිබිනි.ලන්ඩන් දුම්රියපොලේ 9 3/4 වේදිකාවෙන් වේල්ස් කුමාරී දුම්රියෙහි නැග කෙටි ගමනකින් පසු මාදිවෙලට ලඟාවීමට අපට හැකිවිය.
මාදිවෙලට පැමිණි පසු බැස්කවිල්සන් සිටුමැදුර සොයාගැනීමට අපට තරමක් අපහසු වූයේ ප්‍රදේශවාසීන් බැස්කවිල්සන් සිටුවරයාව හැඳින්වීමට භාවිතා කල ගෞරව අන්වර්ථ නාමය අප නොදැන සිටීම නිසවෙනි.පුක්මන්තා යන නමින් කීවොත් මාදිවෙල ඔහුව නොදන්නා කිසිවෙකුත් නොමැති බව අපට කීවේ මාදිවෙල සතිපොල ලඟ ලොතරැයි කූඩුවක් දාගෙන ඉන්න මහකඩේ සමන්තය.හෝම්ස් සමග කීපවිටක්ම පාරවල් ගානේ රස්තියාදු වූ පසු සිටුමැදුර සොයාගැනීමට අපට හැකිවිය.එය පුළුල් උස් ගේට්ටුවක් යෙදූ වටේ උස් තාප්පයකින් වටවූ මනරම් නවීන පැලැන්තියට අනුව ගොඩනැගූ එතරම් විශාල නොවූ මන්දිරයක් බව බැලූ බැල්මට පෙනෙන්න තිබිනි.ගේට්ටුව අගුළු දමා නොතිබුනු නිසා සහ ඇතුලුවීමට අවසරයක් ගැනීමට කිසිවෙක් නොසිටි නිසාත් හෝම්ස් සහ මම කෙලින්ම ගේට්ටුව විවර කරගෙන ඇතුළු වීමු.
"කවුද කවුද ඔය..?? තමුසෙල මොකද මෙහෙ කරන්නෙ..??


සිව්වන කොටසින් හමුවෙමු. 

[මෙය මා විසින් ලියන ලද කතාවක් නොවන අතර මා විසින් මෙය ලබා ගත්තේ මරිජුවානා ෆීලින්ග්ස් ෆේස්බුක් පිටුවෙනි.කරුනාකර මෙවැනි රසවත් කතාවක් ඔබ වෙත ගෙන ඒම වෙනුවෙන් ඔහුට ලයික් එකක් දමා සහයෝගය පල කරන්න]

..

Post a Comment (0)
Previous Post Next Post