" ඇයි ඇයි ඔයාලා කාව හම්බෙන්නද ආවෙ..." අංගජාතය පොළවට ලම්බකව තබාගෙන මිදුලේ කොහේ කෝ කෙළවරක කක්කුස්සි යමින් සිටි සුකුමාල ප්‍රේමාන්විත පෙනුමක් ඇති මිනිසෙක් හෙන ලයින් එකෙන් මෙන් අපෙන් ඇසුවේය.
"තමුසෙද බැස්කවිල්සන් සිටුතුමා කියන්නේ..?" ඊට නොදෙවෙනි ලයින් එකකින් මම ඇසුවෙමි.
"උඹට කොයිල් ද වොට්සන්.ඒ යකා අතුරුදහන් වෙලානෙ.අනිත් එක මූට සිටු පෙනුමක්වත් තියෙනවද බැලූ බැල්මට පේන්නෙ නිකං ස්පා එකක, ගෙරි හම්පඩ නාකින්ට සල්ලිවලට තේගස්සන ඩයල් එකෙක් වගේ." හෝම්ස් මගේ කනට කර කීවේ අර යකා සරම ඇඳ කැහැපොටයක් ගසා පුක නොසෝදා ඇට්ටැම්බෙන් අපවෙත පැමිණෙන අතරතුරදීය.
" ආ මහත්මයා අපි මේ ආවෙ බැස්කවිල්සන් සිටුතුමා හම්බවෙන්න.කෝ එතුමා ඉන්නවද?" හෝම්ස් ඇසුවේ වැදගත් ස්වරයෙනි.
"එයා නෑනෙ අයියා.ඔයාලා මසාජ් එකක් ගන්නද ආවෙ?" ඔහු ඇසුවේ අප දෙදෙනාම දිහා මාරුවෙන් මාරුවට බලමිනි.ඔහු ලඟින් අධික මඩ පුවක් ගන්ධයක් වහනය වූයේ හදිස්සියට පුක නොසේදීම නිසා බව මා අනුමාන කලෙමි.සාමාන්‍ය ප්‍රමාණයේ සිරුරකින් හෙබි ඔහුගේ උදරය ස්වල්පයක් ඉදිරියට නෙරා තිබුනු අතර මුහුණේ වූයේ දැඩි සුකුමාල පෙනුමකි.ෆේස්බුක් එකට කෙල්ලෙක් ෆොටෝ එකක් දැම්මාට පසු ෆෝන් නම්බර් කමෙන්ට් කරමින් ඒකිගෙ පස්සෙන් හුථු සිඟන්නන් යන්නාක් මෙන් ඔහුගේ පුක පසු පසද නොසැලෙන නිලමැස්සන් සහ හෝහපුටුවන් රංචුවක් රවුම් ගසමින් ගමනේ යෙදෙන බව පෙනෙන්නට තිබිණි.
"නෑ අපි බැස්කවිල්සන් සිටුතුමාගෙන් ඉඳිආප්ප වංගෙඩිය ඉල්ලන් යන්න ආවෙ.එතුමා කොහෙ ගිහිල්ලද.මේ මල්ලි කවුද? " හෝම්ස් ඇසුවේ ලේන්සුවෙන් නහය වසාගනිමිනි.
" මම පෙම්රුවන්.මං තමයි සිටුතුමාගෙ නිල පිසියොතෙරපිස්ට්.සිටුතුමා ගෙදර නෑනෙ.අතුරුදහන් වෙලා මේ දවස්වල.ඉඳිආප්ප වංගෙඩිය නම් අල්ලපුගෙදර ජානකී ඉල්ලගෙන ගියා.මල් ඉස්කුරුප්පු නියනක් නම් තිබුනා.ඒක දෙන්නද? ඔහු ඇසුවේ හෝම්ස්ගේ අඟපසඟ දෙස කෑදර බැල්මක් හෙලමිනි.
"නැහැ එපා මහත්මයා.මට දැනගන්න පුළුවන්ද බැස්කවිල්සන් සිටුතුමාට මොකද උනේ කියලා." හෝම්ස් ඇසුවේ කපටි ස්වරයෙනි.
"ඒ ගැන නම් අපිට හිතාගන්නවත් බෑ මහත්මයා.සුළු සුළු වේසකම් ටිකක් තිබුනත් ඔහු ඉතාමත් ගුණ යහපත් පුද්ගලයෙක්.පහුගිය දවස්වල වාචාල කමට තැන් තැන්වල කියවන්න ගිහින් තරහකාරයො කීපදෙනෙක් හදාගෙන තිබුනත් මං දන්න කාලෙ ඉඳන්ම බැස්කවිල්සන් සිටුතුමාට ගොඩක් ආදරේ කරපු පිරිසක් හිටියා.ඒත් දැන් සතියකට කලින් විතර ඉඳන් ඔහු ආගිය අතක් නැහැ.වෙච්ච දෙයක් කවුරුවත් දෙන්නෙත් නැහැ.දැන් ඔහුගෙ ජංගම දුරකථන කිසිවක් වැඩ කරන්නෙත් නැහැ මහත්මයා." පෙම්රුවන් කීවේ දැඩි ශෝකාකූල ස්වරයෙනි.
"එතකොට කවුද බැස්කවිල්සන් සිටුතුමාව ලඟින්ම ආශ්‍රය කලේ.ඔහු එක්ක වැඩිපුරම හිතවත් අය කවුද? " හෝම්ස් ඇසුවේය.
"ඔහු ගොඩක් සමාජශීලි කෙනෙක් මහත්මයා.ඔහුට ගොඩක් හිතවත් අය හිටියා.ඒ අතරෙ ලෝටස් හංසමාලි මහත්මිය,ප්‍රියාන් ජෙම්ස් ආදිපාදවරයා,ටීනා ෂනෙල් කුමරිය,සූර්යනිකා හනිමූන් ආර්යාව,ටිෂූ ගෝමස් මහතා,සුනිල් සැන්ඩ්ල්වූඩ් සිටුතුමා,ගුරුනාත් මෙයියප්පන් පූජකතුමා,තුසාර ජෝෂප් මයිකල් පෙරේරා,නදීර මැක්ස් සහ ඔහුගේ අට ශ්‍රේණියෙ අයියා ග්ලෙන් මැක්ස්වෙල් වගේ ඉතාම වැදගත් පුද්ගලයන්ව තමයි වැඩිපුර එතුමා ආශ්‍රය කලේ." පෙම්රුවන් කීවේ වම් ඇසට නැගුණු කඳුලු බිඳුවක් පහලට නැමී සරම් වාටියෙන් පිහිදා ගන්නා අතරතුරය.
"කණගාටුවෙන්න අඬන්න ඕන නැහැ පෙම්රුවන් මහත්මයා.ඔහු ඉක්මනින් ආයෙ ඒවි." හෝම්ස් කීවේ ඔහුව අස්වැසීමේ අරමුණෙනි.
"මං ඇඬුවෙ නෑ මහත්මයා.මගේ ඇහේ කෝඳුරුවෙක් ගියා.කතාවෙන් කතාවෙන් ඔබතුමාලගෙ නම්වත් දැනගන්න බැරුව ගියා." පෙම්රුවන් කීවේය.
"මගෙ නම දීප්ත මූ පතෝලයා." හෝම්ස් කීවේ මා දෙසට අත දිගු කරමිනි.
"එහෙමද අඳුරගන්න ලැබීම ගැන බොහොම සතුටුයි දීප්ත මහත්මයා." පෙම්රුවන් අතට අත දීමට අත දිගු කලද හෝම්ස් ආයුබෝවන් කියා ආචාර කලේ පුරාණ හෙළ සිරිතට ගරු කිරීමටත් වඩා අරුගේ කක්කා අතේ ගා ගැනීමට අකමැති වූ නිසා බව මා දැනගත්තෙමි.
" මල් ඉස්කුරුප්පු නියනක් තියෙනව කිව්ව නේද මහත්මයා.මට ඒක පොඩ්ඩකට ගෙනියන්න දෙන්නකො" හෝම්ස් කීවේ ව්‍යාජ සිනහවක් මවා ගනිමිනි.
"ගෙයි ඇති දීප්ත මහත්මයා.යං මාත් එක්ක මං දෙන්නම්." පෙම්රුවන් කීවේය.
හෝම්ස් මගේ උරේ එල්ලාගෙන තිබූ බෑග් එකත් ඉල්ලගෙන කරේ දාගෙන පෙම්රුවන්ගේ පස්සෙන් ඉස්කුරුප්පු නියන ඉල්ලාගෙන ඒමට ගියේ ඌ එනතුරු මට එතන සිටින ලෙස හිසින් සැලකරමිනි.අරූ යන අතරතුරද හෝම්ස්ට මොනවාදෝ පල්හෑලි කියවන බව පෙනෙන්නට තිබිනි.
බැස්කවිල්සන් සිටුතුමාගේ මාදිවෙල මන්දිරය එතරම් සුඛෝපභෝගී බවක් පෙනෙන්නට නොතිබුනේ ඔහු තනිකඩයෙකු නිසා විය හැක.උද්‍යානයේ තැන තැන බාබන්ඩේසියා ගස්ද කුප්පවේසියා මල් සහ කෙකටපුලිය වැල්ද වැවී තිබුනු අතර විශාල පොදමැල්ල ගස් දෙකකින් උද්‍යානයට සෙවණ ලැබී තිබිණි.උද්‍යානය කෙලවරට වන්නට මායිම දිගේ තැටමිල්ල ගස් පෝලිමක් වවා තිබුනු අතර බිම් මට්ටමේ වැවී තිබූ වල්වේසියා සහ හිරිම කැකිල්ල පඳුරු මගින් උද්‍යානයට එක් කලේ කුපාඩි පෙනුමකි.ඒ මදිවට බන්දුල ගුණවර්ධන වර්ගයේ තොම්බ කොටු බලු තඩියෙක් මන්දිරයෙන් එලියට පැන ගේ ඇතුලට ගිය හෝම්ස්ට වෙර දමා බුරන්නට ගත් අතර ඌ එක් වනම මා දෙස බැලූ හෙයින් මා ෂේප් එකේ අහක බලාගත්තෙමි.
බැස්කවිල්සන් සිටුතුමා කට්ටිය කියන තරම් හොඳ පුද්ගලයෙක් නම් නදීර මැක්ස් වැනි ඉතා දරුණු ගණයේ පාතාල නායකයන් සමග සමීප සම්බන්ධතා පවත්වන අයෙකු විය නොහැක.ලන්ඩන් බුකි පාතාලයේ ගෝඩ්ෆාදර් ලෙස කිරුළු පළන් 8 වසරේ අයියා හෙවත් ග්ලෙන් මැක්ස්වෙල් සහ නදීර මැක්ස් ඉතා බිහිසුණු මැරයන් වූ අතර ඔවුන්ට සහාය පළ කළ බොහෝ පිරිසක් පසු කාලීනව නිකවැරටිය සහන්ගේ සහ සෙල්ලක්කාර මලියාගේ තාඩන පීඩන වලට ද ලක් විය.ළමා රක්ෂණ අධිකාරියේ සහ සිරිලංකන්ඩ්යාඩ් පොලීසියේ මැදිහත්වීම යටතේ නිකවැරටිය සහන්ගේ මන්න කෙටිය අත්අඩංගුවට ගත්තද දිනෙන් දින බිහිසුණු මුහුණුවරක් ගනිමින් වර්ධනය වූ සිඟිති පාතාලේ මාෆියාව තව දුරටත් ලන්ඩනය භීතියට පත් කරමින් ක්‍රියාත්මක වෙමින් පැවතිණි.සෙල්ලක්කාර මලියාගේ කල්ලිය සහ නදීර මැක්ස්ගේ කල්ලිය අතර ඇතිවූ ගැටුම් වලින් තුවාල ලැබූ බොහෝ පිරිසක් අංගොඩ සහ උණවටුන මානසික රෝහල් වලට ද ඇතුළත් කර තිබිණි.නදීර මැක්ස් සමග සමීප සම්බන්ධතා පැවැත්වූ නිසා බැස්කවිල්සන් සිටුවරයාව සෙල්ලක්කාර මලියාගේ කල්ලිය විසින් පැහැරගත්තාදෝ යන සැකය ඇති වීම නිසා මාගේ මුළු ගතම බියෙන් සලිත වී ගියේ, ටිංකරිං පාරමි සමග මැසේජ් කරපු එක මේරිට මාට්ටු වූ දවසේ මගේ ගත බියෙන් සලිත වූ ලෙසටමය.කෙසේ නමුත් මෙවැනි පාතල අක්මුල් සහිත අබිරහසක් විසදිමට මා පැමිණි බව මේරි දැනගත්තොත් ඇගේ ෆෙන්සුයි කේතලයෙන් කනේ පාරක් කෑමට මට සිදුවන බව මා සක්සුදක් සේ දැන සිටියෙමි.එපමණක් නොව මෙවැනි භයානක කේස් වලට මාවත් එක්කර ගැනීම නිසා හෝම්ස්ටද මේරිගෙන් වඳුරු කුණුහරුප අහගන්නට වෙන බව මා දැන සිටියෙමි.
විනාඩි දහයක පමණ කාලයකින් පසුව හෝම්ස් නැවත පැමිණියේ මගෙන් ඉල්ලගෙන ගිය මල්ල පිරෙන්න අධි බරැති යමක් පුරවාගෙන බැව් මා දුටුවෙමි.කඩිමුඩියේ මා වෙත පැමිණි හෝම්ස් සිටියේ දැඩි කලබලයෙනි.
"මොකද බං උනේ.අරූ උඹට අතවරයක්වත් කරන්න ආවද." මම ඇසුවෙමි.
"පිස්සුද වොට්සන්...ගවමුත්ර පුරවපු රිවෝල්වරය ගන්නෙ නැතුව මං කවදාවත් මෙහෙම තැනකට යන්නෙ නෑ කියලා ඔබ දන්නවනෙ.මට හම්බඋනා ඉතාම වැදගත් සාක්ෂියක්." හෝම්ස් කීවේ එල්ලාගෙන සිටින බෑග් මල්ල පෙන්වමිනි.
"බල බල ඉන්න වෙලාවක් නෑ වොට්සන් අපි ඉක්මනට මෙතනින් පිටවෙමු."
හෝම්ස්ගේ අභූත හැසිරීම ගැන සැකයක් ඇතිවුවද ඉක්මනින් එතනින් පිටත් වීමට මා එකඟ වූයේ පෙම්රුවනයා දැමූ කක්කා ගොඩ පෙනි පෙනි තවදුරටත් ඒ වත්තේ සිටීම මාහට අප්‍රසන්න වී තිබුනු නිසාය.නවය වසරේ ඉගෙනගන්න අක්කා මල්වර වීම නිසා හතර වසරේ මල්ලීට ඉන්ටවල් දෙන්නත් කලින්ම පන්තිභාර ටීචර් ඇවිත් 'අක්කත් එක්ක ගෙදර යන්න පුතා' කියා කියූවිට ඇතිවන දැඩි කුතුහලය මිශ්‍රිත ප්රීතිජනක හැඟීමම ඊට ටිකක් වැඩිමල් අයුරින් මට දැනෙන්නට විය.
"මොනවද හෝම්ස් උඹ ඔය තරම් පොදි ගහගෙන ආවෙ.මොකද උනේ සිටු මැදුර ඇතුලෙදි." ඇතිවී තිබුනු දැඩි කුතුහලය නිසා මම ඇසුවෙමි.
" ඒක ඇතුල උඹලා වගේ පොඩි උන්ට බලන්නවත් හොඳ තැනක් නෙවෙයි වොට්සන්.එතන ඇවිල්ලා තනිකරම බඩු පොට් එකක්.මං ඉතාම කුඩා කාලයක් තුලදී සියුම් නිරීක්ෂණ ගොඩක් කරගත්තා.ඒ වගේම මට හම්බවුනා වටිනා DVD තොගයක්.මගේ උපකල්පන වල හැටියට මේවා තැටිගත කරලා තියෙන්නෙ බැස්කවිල්සන් සිටුතුමාගෙම අතින්.මේ ටික අපේ නවාතැනට ගෙනිහින් පිරික්සලා බැලුවොත් අපිට වැදගත් හෝඩුවාවල් ගොඩක් හොයාගන්න පුළුවන් වෙයි මිත්‍රයා." හෝම්ස් කීවේ උජාරුවෙනි.
"අළුත් වැලත් ඇති නේ බං " මම සතුටින් කීවෙමි.
" කසාද ගෑණි ගෙදර දාලා ඇවිත් වැල බලන පින් බතෙක් වෙන්න එපා වොට්සන්.වරෙන් යන්න දුමක් දාන්න." හෝම්ස් කීවේ සුපුරුදු කඩප්පුලි ස්වරයෙනි.
අසල තිබූ කුඩා පෙට්ටි කඩයකින් ගෝල්ලිප් දෙකක් ගත් හෝම්ස් එකක් මා අතට දී අනෙක මුවෙහි රුවාගෙන දල්වා ගැනීමට ලයිටරය දැල්වූ අතර එකෙනෙහිම ලයිටරයේ දැල්ල වැඩිවී හෝම්ස්ගේ දිගු නහයේ කෙලවර පිලිස්සිනි.ඊයේ ලයිට් ගියපු වෙලාවේ ෆෝන් එක තියපු තැන හොයාගන්න හෝම්ස්ගේ ඒ ලයිටරයේ දැල්ල වැඩි කලේ මා බැව් මට එවෙලේ සිහි වුවත් ඌට ඕක කියන්න ගියොත් ගුටිකන්නට වෙන නිසා මා නිශ්ශබ්දවම සිටියෙමි.දුම් පානය සඳහා වෙන් කර තිබූ තැනට යනවිටත් හෝම්ස් ගියේ නැහැය අතගාමින් ආහ්..ආආආආ කියමින් වූ අතර එතන දුමක් දමමින් සිටි සිටි කොණ්ඩය තට්ටය ගානට කොටට කැපූ මදක් විවර වූ කටක් සහිත කොල්ලෙක් හෝම්ස් දෙස බලා කුළුපග ලෙස සිනාසුනු අතර ඔහු අප අසලට පැමිණ හෝම්ස්ට අතට අත දී ස්තූති කලේය.
"මට බොහොම සන්තෝෂයි මහත්මයා.ඔබතුමා මගේ ඒ ගීතය බොහොම අපූරුවට තනුවට ගායනා කලා.ගීතයට උපරිම සාධාරණයක් කලා.ඔයා එන්න මගේ ටීම් එකට.නියමයි බ්‍රෝ." එම තරුණයා කීවේ හෝම්ස්ව අගය කරමිනි.
" කවුද මෙතන සිංදුවක් කිව්වෙ.වොට්සන් උඹවත් සිංදුවක් කිව්වද දැන්." කුතුහලයෙන් පාරජම්බුල වූ හෝම්ස් විමසුවේ මා දෙසද බලමිනි.
එම තරුණයා නව පරපුරේ ජනප්‍රිය රැප් ගායකයෙක් බවත් හෝම්ස් නොදැන හෝ ගායනා කලේ ඔහුගේ ගීතයක් බවත් ඒ පිලිබඳව හෙතෙම සතුටට පත්වූ බවත් ඔහු අපට පසුව විස්තර කලේය.බජාර් එකේ ලලක්කාගේ කසියා පොට් එකට අද උදේ පොලීසියෙන් පැන ඩෙඟා නටා කසියා බැරල් ටිකත් ලලක්කාගේ ලා දුඹුරු පාට යට සායත් අත්අඩංගුවට ගත් බවත් බඩු ගන්න ඕනනම් සමගි මාවතේ නලින් බණ්ඩාරගේ ගෙවල් පැත්තට ගියානම් හරි බවත් එම තරුණයා අපට පැවසූ අතර එය මේ මොහොතේ අපට ලැබුනු වැදගත්ම පණිවිඩය විය.එයට ස්තූති කල හෝම්ස් එම තරුණයාගේ යූටියුබ් චැනල් එකද සබ්ස්ක්‍රයිබ් කර ඔහුට සහයෝගය දුන් අතර හෝම්ස්ගෙන් ලේසි පහසු පුතෙක්ට එහෙම සබ්ස්ක්‍රයිබ් එකක් ගත නොහැකි බව මා අත්දැකීමෙන්ම දැන සිටියෙමි.
සවස ඇඳිරි වැටීගෙන ඒමට පෙර නැවත ලන්ඩන් දුම්රියපොල වෙත සම්ප්‍රාප්ත වීමට අපට හැකිවිය.ලන්ඩන් දුම්රියපොලේදී හෝම්ස්ට හදිසියේ රෙනෝගෙන් දුරකතන ඇමතුමක් ලැබුනු අතර නිවසේදී මේරි මට බනිනවාටත් වඩා දරුණු විදියට හෝම්ස් රෙනෝට බැනවැදුනේ එතනින් ගියපු ස්ටේෂන් මාස්ටර් කෙනෙකුට මළ පැන අපිට දඩයක් ගහන්නට තරම් කේන්තියක් ඇති කරවමිනි.
"මොකක්ද බං උඹට වෙලා තියෙන්නෙ.ඇයි අරූට ඔච්චර බැන්නෙ.තව පොඩ්ඩෙන් අර යෝධයා අපිට දඩේකුත් ගහනව" මම ඇසුවේ කුතුහලයෙනි.
"නෑ බං.මට යකා නැග්ගා.අර යකා අහනව මගේ මේ වැඩේට මට දෙන්න ඉන්න ගාස්තුවෙන් බාගයක් කපාගන්නම් තරහවෙන්නෙ නෑ නේද කියලා." හෝම්ස් කීවේ තරහෙනි.
"ඉතින් ඇයි හෝම්ස් ඌ එහෙම ඉල්ලන්නෙ.උඹේ පඩියෙන් බාගෙකට කෙලින්න ඌට මොකක්හරි කරදරයක්වත් වෙලාද." මම ඇසුවෙමි.
"උගේ අර මඩ ෆැක්ටරියෙ රෙදි හෝදපු පඩ රංගනයයි ශූදේවයි ඌට ඇරලා මාරුවෙලාලු.ඉතින් මං පලිද වොට්සන් ඕවට.මං කිව්වා කියන්න තියෙන එක ජයසූරියටත් එක්කම උණ ගැනෙන්න."
" ඇයි උන් දෙන්නා කොහෙද ගිහින් තියෙන්නෙ." මම ඇසුවෙමි.
"උන් දෙන්නා කොටි සල්ලිවලින් හදපු මොණර වලව්ව කියලා එකක වැඩට ගියා කියලා තමයි රෙනෝ නම් කිව්වෙ."
"ඉතින් හෝම්ස් මොකද්ද ඔතනින් හොඳ රස්සාව.උඹ හිතන්නෙ උන්ට රෙනෝගෙ ලඟ රස්සාව එපාවෙලා ගියා කියලද ?"
"ඕක ප්‍රසිද්ධ සංසිද්ධියක් මිත්‍රයා ඕක ගැන හොඳටම විස්තර කරලා මං පොත් පිංචකුත් ලියලා තියෙන්නෙ.'කොටි සල්ලිද ලොකු කුඩු සල්ලිද ලොකු' කියලා.අද බේකර් වීථියට ගිය ගමන් උඹ ඒක කියවපන් වොට්සන්." හෝම්ස් කීවේ මද සිනහවක් පාමිණි.
ලන්ඩන් දුම්රියපොලෙන් පැන කටුබල්ලාගම උඩහ පාරෙන් ඇවිත් සමගි මාවතට පැමිණ නලින් බණ්ඩාරගේ නිවසට ගොස් කසියා බෝතලයක් ගත් අප යමින් ගමන් නිරෝෂන් දික්වැල්ලගේ හාඩ්වෙයාර් එකෙන් ගමගේ තෝරාබීඩි මිටියක් මිලදී ගත්තෙමු.තරමක් සවස් වී තිබුනු නිසත් හෝම්ස්ගේ අතමිටේ සල්ලි ටිකක් ගැවසුනු නිසාත් බස් එකේ යන අදහස අත්හැර තණ්ඩලේ මාමාගේ අශ්ව කරත්තයෙන් හයර් එකක් දාගෙන අප බේකර් වීථියට යා යුතු බවට බල කරමින් මා හෝම්ස්ට කනිපින්දම් කීවේමි.හෝම්ස්ද එයට එක පයින්ම එකඟ වූයේ කරේ එල්ලගෙන සිටි ඩීවීඩී අට්ටියේ බර ඉවසන් ඉන්න එකේ අමාරුවටත් වඩා,ඉක්මනට බෝඩිමට ගොස් කසිප්පු අඩියක් ඇඟට හලාගැනීමට තිබෙන සික් එක නිසා බව මා ෂර්ලොක් හෝම්ස්ටත් වඩා හොඳට නිගමනය කලෙමි.එනිසා හෝම්ස් එකෙනෙහිම තණ්ඩලේ මාමාට ඇමතුමක් ලබාගත් අතර මිනිත්තු දෙකකින් බලාපොරොත්තු විරහිත ලෙස මා දෙස බැලීය.නැවත නැවතත් ඇමතුම් ලබාගෙන ඔහු ලන්ඩන් හන්දියේ පහල වැල්ලවිට පාරට හැරෙන තැන හයර් දුවන සාමකාමී පියන්තගේ කාමරකූලීදේවී නැමැති අශ්ව කරත්තයට හයර් එකක් දමාගැනීමට සමත් විය.නමුත් ඒ ප#යා දුම්රියපොලට ලඟා වූයේ පැය බාගයකටත් පමණ පසුවය.
"කොහෙද හු#තො මෙච්චරවෙලා ගියේ." සාමකාමී පියන්ත පැමිණි පසු හෝම්ස් ඇසුවේ කෝපයෙනි.
"අනේ සමාවෙන්න මහත්මයා.හදිස්සියෙම වයිෆ් ගෙදර කක්කුස්සියෙ ඉඳන් කෝල් එකක් දුන්නා ටොයිලට් පේපර්ස් ඉවරවෙලා කියලා.එයින්කක් ගෙනිහිං දෙන්න ගියා.යමු මහත්මයා මං ඉක්මනට ඔබතුමන්ලව ගෙනිහිං දාන්නම්." ඔහු කීවේ සාමකාමී ස්වරයෙනි.
"තණ්ඩලේ මාමට මේ පාර කෙලවිලා වොට්සන්.ලෝක හොරෙක්ට අහුවෙලා." හෝම්ස් කීවේ කාමරකුලීදේවී අශ්ව කරත්තයෙන් අප බේකර් වීථිය කරා ගමන් කරන අතරතුරය.
"ඇයි හෝම්ස් පොරට මොකද වෙලා තියෙන්නෙ." මම ඇසුවෙමි
"පෙරේදා ඩයල් එකක් ආවලු පොර එක්ක වරායට හයර් එකක් යන්න.ඇහුවම කිව්වලු ඩොලර් පුරවපු නැවක් වරායට එනවා ඒකෙන් පොරටත් කුට්ටියක් හම්බවෙනව ඒක ගේන්න යමු කියලා.ඉතින් තණ්ඩලේ මාමා ඌවත් දාගෙන වරායට ගිහින් වරායෙ ඉස්සරහ කම්බි ගේට්ටුව ගාව අශ්ව කරත්තෙ නවත්තගෙන හිටියලු අරූ වරාය ඇතුලට ගිහින් සල්ලි බෑග් ටිකත් අරන් එනකන්.ඒ යකා එන්න ගොඩක්වෙලා ගිය නිසා තණ්ඩලේ මාමා කරත්තෙ ඇතුල් පැත්තට කකුල් දෙක දාලා සුදු අශ්වයගෙ පුක උඩින් ඔලුවත් තියාගෙන සැප නින්දක් දැම්මලු.පැයකට විතර පස්සෙ ඇහැරිලා බලද්දි ඒත් අරූ ඇවිත් නැතිලු.තණ්ඩලයගෙ අතේ දාගෙන ඉඳපු බ්‍රේස්ලට් එකයි මගුල් මුද්දයි චේන් එකයිත් නැතිලු.අන්න අරෙහෙ තණ්ඩලයා වැලපෙනව ඔක්කොම නැතත් කමක් නෑ මගුල් මුද්ද හොයලා දෙන්න නැත්නම් ගෙදර යන්න විදියක් නැතිලු ගෑනි මල් පෝච්චියෙන් ගහනවලු.මට ගාස්තුවෙ ඇපේට අශ්ව කරත්තෙ දෙන්නම්ලු." හෝම්ස් කීවේ ශෝකයෙනි.
"අෆ්ෆටසිරි හෝම්ස්...පව් වැඩේනෙ.මොන වගේ එකෙක්ද අර හයර් එක යන්න ආපු එකා." මම ඇසුවේ කුතුහලයෙනි.
" හොඳට උස මහත බඩ ගෙඩිය තියෙන රැවුල උඩ පොයින්ට් එක වවලා කොණ්ඩෙ උඩට පීරපු හෙන කුප්පෑහි පෙනුමක් තියෙන කට වාචාල එකෙක් කියලා තමයි කිව්වෙ.අනිත් එක වොට්සන් තන්ඩලේ මාමා හැමවෙලාවෙම මැද ඇඟිල්ලට දාගෙන ඉන්න කඩිබිත්තර පැකට් වලට හම්බවෙන මුද්ද අරූ ගලවගෙන ගිහින් නැතිලු.ඒක කියද්දිම මට හිතුනා අර යකා රත්තරං ගැන හොඳටම දන්න විශේෂඥ දැනුමක් තියෙන එකෙක් කියලා.ඒත් කොහෙද වොට්සන්.මේ බාර ගත්ත වැඩේ ඉවරවෙනකන් තව වැඩ බාරගෙන ඔලුව කුරුවල් කරගන්න මං කැමතිත් නෑනෙ.මං තණ්ඩලයට කිව්වා අපේ අයියා මයික්‍රොසොෆ්ට් කාරයට වැඩේ බාරදීලා බලන්න කියලා." හෝම්ස් කීවේ සුසුමක් හෙලමිනි.
කතාවෙන් කතාවෙන් අපි අපගේ නිවහන වෙත ලඟා වීමු.අඳුරු වැටී තිබුනත් නිවහනේ කිසිදු ලාම්පුවක් දල්වා නොතිබුනු අතර වීථියේ ගෑස් ලාම්පු වලින් නික්මුනු අඩ ආලෝකයක් පමණක් නිවහනට වැටී තිබිනි.රන්ජන්ට කියා ඇරගත්ත හිරුණිකාගේ පුක වගේ දොරද හායි ගා ඇර දමා තිබිනි.
"හඩ්සන් මහත්මිය...ඔබ ඉන්නවද..." හෝම්ස් උස් හඬින් ඇසුවේය.
"හඩ්සන් මහත්මිය...." මාද කොපි කරමින් ශබ්ද නගා කෑ ගැසීමි.
"මොකක්හරි අවුලක් වගේ වොට්සන්.ෆෝන් එකේ ලයිට් එක පොඩ්ඩක් ගහපන්"
පස්වන කොටසින් හමුවෙමු.
[මෙය මා විසින් ලියන ලද කතාවක් නොවන අතර මා විසින් මෙය ලබා ගත්තේ මරිජුවානා ෆීලින්ග්ස් ෆේස්බුක් පිටුවෙනි.කරුනාකර මෙවැනි රසවත් කතාවක් ඔබ වෙත ගෙන ඒම වෙනුවෙන් ඔහුට ලයික් එකක් දමා සහයෝගය පල කරන්න]