ශ්‍රී ලංකා ලේ බැංකුව දශක ගනනාවක් මුලුල්ලේ කිසිදු අවධානයක් නොලබා තම රාජකාරිය අකුරටම කරමින් සිටී. 50 දශකයේ අග භාගයේ බණ්ඩාරනායක මහතාගෙ ඝාතනයෙන් පසුව එතුමන් වෙනුවෙන් රුධිරය පරිත්‍යාග කරන ලෙස මහජනතාවට කරන ලද ආයාචනයෙන් ප්‍රචලිත ඌ රුධිරය දන් දීම ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින උද්යෝගිමත් පරහිතකාමී ජනයා ඒ සිට අද දක්වා බිලියන හත ඉක්මවූ ලෝක ජනගහනයේ කාටත් වඩා හොදටම කරමින් සිටී. 30 වසරක යුද්ධය, සුනාමිය, විප්ලව හා භීෂණ සමයන් තුල නොසැලී සිටි ලේ බැංකුව හා උද්යෝගිමත් රුධිර දායකයා නිදහස් සෞඛ්‍යයේ හදවත බදු ජාතික රුධිර පාරවිලන සේවාව ශක්තිමත් කළහ. කෙසේ නමුත් දැන් අප අලුත් සතුරෙකුට මුහුණ දෙමින් සිටී. රට වෙනුවෙන් යුද වැදුනු සෙබලාට ශක්තියක් වෙමින් චෙක් පොයින්ට් බස් බෝම්බ මිනිස් බෝම්බ කිසිත් නොතකා පරෝපකාරය පමණක් පෙරදැරිව රුධිරය දන් දුන් ශ්‍රී ලාංකික රුධිර දායකයා නව නොපෙනෙන නොදන්න සතුරා ඉදිරියේ උව තම මානවහිතකාමීත්වය මිලින වන්නට ඉඩ නොදුන්නේය. දියුණු යැයි සම්මත රටවල ජනයා වැසිකිලි කොල ගන්නට පොරකද්දී ඔවුන් අනිකා වෙනුවෙන් ජාතික ලේ බැංකුව ශක්තිමත් කළහ. බොහෝ සෙබලුන් කදවුරු බිමේ සිට නිවාඩු යන දින දාහතරේ නිරෝධායන අවසන් කර ගෙදර යාමට පෙර රුධිරය පරිත්‍යාගයට ගිය බව මා දනිමි. එහෙත් වර්තමාන තත්වය බැරෑරුම් ය. කෝවිඩි මර්දන එන්නත ලබාගෙන දින 28ක් පහුවන තුරු රුධිරය පරිත්‍යාග කල නොහැක එම නිසා එන්නත් මාත්‍රා 2ක් ඇති බැවින් මාස තුනක් පමණ කාලයක් මෙපමණ කලක් තම රුධිරය උද්යෝගිමත්ව පරිත්‍යාග කල රැධිර දායකන්ව අවුරා ඇති අතර සීඝ්‍ර එන්නත්කරණය හේතුවෙන් බස්නාහිර පලාතෙ අවධානම් සහගත මට්ටමේ රුධිර හිගයක් ඇත. මෙය කිසිසේත්ම ඔබව එන්නත ගැනීමෙන් වලකවන ලිපියක් නොවේ. ඔබ ඔබට ලැබෙන පළමු අවස්ථාවේම එන්නත ලබාගත යුතුය. මෙය ලියන මාද මාගෙ අවස්තාව එනතුරු ඉතා කෑදරයෙන් බලා සිටිමි. මෙය ලියන්නේ වයස 30 - 18 අතර අලුත් රුධිර දායකන්ට හා ඉහත දැක්වූ කාල සීමාවන් පැන සිටින රුධිර දායකයන් වෙනුවෙනි. මේ ඔබේ සහය අවශ්‍යම මොහොතයි. ඔබ ලබාදෙන රුධිරය තිදෙනෙකුගේ ජීවිත රැකගනියි. එබැවින් ඔබට හැකියාවක් ඇත්නම් කරුණාකර රුධිර පරිත්‍යාගයක් කිරීමට කල්පනා කර බලන්න. අවසාන වශයෙන් කිවයුත්තේ කිසිම හේතුවක් නිසාවෙන් ඔබගේ එන්නත ප්‍රමාද කරනොගන්න. එසේම රට බේරගත්තෙකු වීමට චන්දදායකයෙකු හෝ යුද්ධයට යාමටම අවශ්‍ය නැත.